අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Thursday, January 19, 2012

අප ගුරුතුමන් වෙනත් ගුරුවරුන්ගේ ගෝලයෙකි යන චෝදනාව

අප ගුරුතුමන්ට අභූත චෝදනා එල්ල කරමින් You tube හි ප්‍රසිද්ධ කොට ඇති වීඩියෝවේ සඳහන් කරුණු පහත පරිදි වේ.

අතීත මුතුන් මිත්තන් පණමෙන් සුරැකි අති උතුම් අංගං ශාස්තය විකුණාගෙන කන්නට සැරසෙන කොරතොට නොයෙල් අජන්ත පෙරේරා නමැති ප්‍රෝඩාකාරයාගෙන් අංගං කලාව සුරකිමු.

කොරතොට පංසලේ පවත්වාගෙන ගිය කරාටේ පංතිය වසා දැමූ මොහු අංගම්පොර කඩයක් ගැන සිහින මැව්වේ 2005 වසරේදීය. මුලින්ම රටේ විසිරී සිටින පාරම්පරික අංගම්පොර ආචාර්යවරුන් වෙත ගොස් දෙපා නමැඳ මාස දෙක තුනක් පමණ අංගං ශිල්පයේ අල්පමාත්‍රයක් ඉගෙන ගනිමින් ඒ සෑම ශිල්පායතනයකම සියළු අවි ආයුධ ඡායාරූප ගත කරගෙන එවායේ අනුරූ නිර්මාණය කර ගත්තේ ය.


ඒ සෑම ගුරුන්නාන්සේලාගේම පැරණි ඡායාරූප අතුළු සියළු දත්තයන් සොරාගත් මොහු ඒවා විකෘති කරමින් අන්තර් ජාලය ඔස්සේ ඔවුන්ට ම මඩ ගැසුවේ ඒ වටිනා ගුරුවරුන් හෑල්ලුකර ලංකාවේ නියම ඔරිජිනල් අංගම් වැඩකකරු තමා වීමටයි.


අංගං පරම්පරාවක ගෑවීවත් නැති හෙයින් මොහු තලවතුගොඩ පදිංචි දේව ආරියදාස නම් අංගම්පොර ශිල්පියාගෙන් සොරාගත් ඡායාරූපයක් මාධ්‍යවලට ලබාදී තමාට අංගම්පොර ඉගැන්වූ රිචඩි පෙරේරා නමැති තම මුත්තණුවන් බව පැවසුවේය. එය මාධ්‍යෙයන් දුටු එතුමා කෑ පතේ පහරන මේ මහා චංචනිකයාට විරුද්ධව නඩු පැවරුවේය.


කොරතොට ගමේ පදිංචි මෙහුගේ නැන්දනිය වන එම්. ඒ. ඒ. ඊ. පෙරේරා මහත්මිය රටක් රවටන අජන්තව හෙලා දකිමින් මෙතෙක් තම පරම්පරාවේ අංගම්ශිල්පීන් කිසිවෙකුවත් නොසිටි බව පවසයි. තවදුරටත් කොරතොට ගම්මු සාක්ෂි දෙනවා ඇත.


මොහුට විරුද්ධව දේවාරියදාස මහතා නඩු පැවරුවද රාජසිංහ රජුගේ අවසන් පුරුක තමන් බව නන් දොඩවන මේ මූසිලයාට මරන දණ්ඩනය නියම කිරීමට රාජසිංහ රජු අද ජීවතුන් අතර නැත. අපේ ප්‍රෞඩ ඉතිහාසය තමාට ආරෝපනය කර ගනිමින් අති උතුම් අංගම්පොර ශිල්පය විකෘතිකර විකුණාගෙන කන මෙවැනි ද්‍රෝහීන් කුමක් කළ යුතු ද?

ඇතැම් අංගම් ශිල්පීන් යයි කියා ගන්නා අය කරන
අංගම් නම විකිණීම්

පිළිතුරු-


  • විකුණාගෙන කනවා යනු කුමක්ද?

  1. හන්දියක් හන්දියක් ගානේ පොස්ටර් ගසා දෙමලා, හම්බයා, සුද්දා හෝ ඕනෑම ජඩයෙකුට අංගං නමින් යමක් ඉගැන්වීම
  2. විශ්ව විද්‍යාල, ගාමන්ට්, කාර්යාල, සමාගම් ඇතුළට ගොස් ළමයි දෙතුන් දෙනෙකුට ඉගැන්වීම
  3. ධනවත් පන්තියේ මිනිසුන්ට ඒක පුද්ගල පන්ති පැවැත්වීම
  4. සුද්දන්ට අංගම්පොර නමේ අයිතිය පවරා පිටරටවල ශාඛා පිහිටුවීම
  5. අංගං සටනේ නම හා සලකුණු යොදා මුදුණය කොට ඇඳුම් විකිණීම
  6. අංගං ශිල්පයේ නමෙන් ප්‍රසිද්ධ වී කට්ටඩි ගරුකම් කිරීම
  7. දේශපාලන බලවතුන්ට කඩේ ගොස් රාජ්‍ය ආයතනවල අංගං උපදේශක තනතුරු ලබා ගැනීම.
අංගම් ශිල්පය විකිණීම යනු ඉහත ආකාරයට අංගම් නම විකුණමින් තමා දන්නා යම් යම් සටන් ශිල්ප අංගම් නමින් ඉගැන්වීමයි. අප විසින් මෙවැනි කිසිඳු ආකාරයක විකිණීමක් සිදු කොට නැත. අප විසින් අද ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන්නේ අංගම් ශාස්ත්‍රය මේ රටේ ඉදිරියට පවත්වාගෙන යාම උදෙසා හා එම උතුම් කලාව පෙර පැවති තත්තවයට නැවත පත් කිරීමේ ජාතික කර්තව්‍යයි.
  • අංගම් ශාස්ත්‍රය අනාගත සිංහලයාට උරුම කිරීම

අපහට මෙම වීඩියෝවෙන් චෝදනා එල්ල කරනුයේ අප විසින් අංගම් ශාස්ත්‍රය විකුණාගෙන කනවා යනුවෙනි. නමුත් නිවැරදි ශාස්ත්‍රානුකූලව සිංහල බෞද්ධ ගැලපෙන මිනිසෙකුට ඉගැන්වීම හා ඒ වෙනුවෙන් ගුරු පඬුරක් ගලා ගැනීම සම්ප්‍රදායකි. එය විකුණාගෙන කෑමක් නොවේ. ඉහත සඳහන් කරන ලද සාවද්‍ය ආකාරයේ විකුණාගෙන කෑමක් අප විසින් සිදු කරන්නේ නැත. මෙම නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රය ආරක්ෂා කර ගත යුත්තේ අපගෙන්ද නොමැතිනම් මෙවැනි කාර්යයන් සිදු කරන ඇතැම් අංගම් නමින් පෙනී සිටින ශිල්පීන්ගෙන්ද යන්න තවදුරටත් සිතා බැලිය යුත්තකි.

තවත් චෝදනාවක් වන්නේ කොරතොට පංසලේ කරාටි පංතියක් පවත්වාගෙන ගිය බවත් ඉන්පසු එය නවත්වා අංගම්පොර ගැන අප ගුරුතුමන් සිහින මැවූ බවත් ය. එසේ අප ගුරුතුමන් විසින් කරාතේ පංතියක් පවත්වාගෙන ගියා නම් දිනයක්, වකවානුවක් ආදිය සහිතව සාක්ෂි සහිතව එය ඔප්පු කරන ලෙස අප අභියෝග කරමු. කරාතේ චොදනාවක් මින් පෙරදි අප ගුරුතුමන්ට එල්ල වූ අතර එයට පිළිතුරක් කොරතොට කරාටේ මායාවේ ඇත්ත කතාව නොහොත් කරාතේ ශිල්පියෙකුය යන චෝදනාව නම් ලිපියේ දක්වා ඇත. කෙසේ වෙතත් පසුගිය පොහොය දින දෙකකදීම සිරස රූපවාහිනිය මගින් විකාශය වූ යතිවර වන්දනා නම් මෙහි දක්වා ඇති වීඩියෝවේ කොරතොට පංසලේ නායක හාමුදුරුවන් අප අජන්ත ගුරුතුමන් ගැන කරනු ලබන ප්‍රකාශයේ නම් කරාතේ ගැන කියවෙන්නේ නැත.

  • අංගම් පිටියක් හා අංගම් කඩයක් අතර ඇති වෙනස
අංගම් කඩයක්
අංගම් මඩුවක්
විශාල කටවුට් ගැසූ, ඌරා ළිං ඇතුළු අනෙකුත් කිසිඳු අංගයක් නැති, පංචින් බෑග් ටිකක් එල්ලා ගත් ටකරන් මඩුවකට අප අංගම් කඩයක් යයි හඳුන්වමු. ඒවායේ ඇතැම් විට බල්ලෝද බිදියන අතර පර සුද්දාට හෝ හම්බයාට ඕනෑම මොහොතක ඇතුළු වී කැමති පරිදි අංගං නමින් යමක් මිලදී ගත හැකි ය. 

සැබෑ අංගම් ශිල්පය මෙලෙස ටකරන් මඩුවක් තුළ ඉගැන්විය නොහැකි අතර පංචින් බෑග් ආදී නූතන කායවර්ධන උපකරණ භාවිතා නොවන 100% ස්වාභාවික පරිසරයක පිහිටි දේශීය තාක්ෂණය උපයෝගී කර ගත් සාම්ප්‍රදායික ස්ථානයකි.

  • පාරම්පරික ශිල්පීන්ගෙන් අංගම් ඉගෙන ගැනීමේ චෝදනාව

මෙම චෝදනාව දකින විට අපට නැගෙන පළමු ගැටලුව වන්නේ පාරම්පරික අංගං ශිල්පීන් කවුද යන්නයි. අප දන්නා පරිදි අද අංගම්පොර නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින බොහෝ දෙනා එදා චීනඩි හෝ මලයාලම් සටන් ක්‍රම උගත් ශිල්පීන් ය. එමනිසාවෙන්ම එසේ ඉගෙන ගත්තා නම් උගත් එකඳු “පාරම්පරික අංගං ශිල්පියෙකු“ පෙන්වන ලෙස අභියෝග කරමු.

කෙසේ වෙතත් මේ බොහෝ අය පවසන්නේ තමන් විසින් පහනක් පත්තු කොට හෝ වෙනත් ක්‍රමයකින් අංගම් ශිල්පිය හැදෑරීමට පළමුව ශිෂ්‍යයා තෝරා ගන්නා බවත්, එහිදී ඔහු යම් වරදක් අනාගතයේදී සිදු කරන්නේ නම් එය තමාට වැටහී යන බවත් ය. කෙසේ වෙතත් එම “මැජික් එකට“ අප ගුරුතුමන් එසේ ඉගෙන ගත්තා නම් ඉගෙන ගැනීමට පැමිණෙන විට නොපෙනුනේ මන්ද යන්න ගැටලුවකි.

මේ අතර කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ අප ගුරුතුමන් විසින් අනෙකුත් සටන් ගුරුවරුන්ගේ අවි ආයුධවල අනුරූ සකස් කොට ගත් බවයි. අප සතුව අදටත් රාජසිංහ රජුගේ යුධ කස්තානය ඇතුළු යුධ කස්ථාන රාශියක් ඇතුළු පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව මගින් කාල නිර්ණය කරන ලද අවි ආයුධ රාශියක් ඇත. ඒවායින් එකක පිංතූරයක් පමණික් මෙහි දක්වා ඇත. අප සතුව පවතින්නේ අනුරූ නම් ඒවායේ මුල් ආයුධය පෙන්විය හැකි විය යුතු ය. මෙම පින්තූරයේ අප ගුරුතුමන් අතැති ආයුධයේ මුල් නිර්මාණය කෙසේ වෙතත් නම් හෝ කියන ලෙස අභියෝග කරමු.

කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් කාල නිර්ණය කරන ලද අවි ආයුධ සහිත එකම පාරම්පරික සටන් ශිල්පීය පරම්පරාව වන අපට මොවුන් කරන මේ ගැරහිලි පෙනී යන්නේ හඳට බුරන බල්ලන් ලෙසිනි. එම දෙපාර්තමෙන්තුවෙන් නිකුත් කරන ලද සහතික පත්‍රද අප සතු වන අතර අවශ්‍ය අයෙක් සිටිනවා නම් ඒවා පැමිණ බලා කියා ගත හැකි ය.  කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අවි ආයුධ ප්‍රදානය කරන ලද එකම සටන් ශිල්පියා අප ගුරුතුමන් වන අතර ඒ ගැන අංගම්පොර අවිආයුධ නම්  ලිපියේ සඳහන් වේ.

මේ අතර අප විසින් අන්තර්ජාලය හරහා මඩ ගසන බවද මෙහි ප්‍රකාශ වේ. කෙසේ වෙතත් අප කාටහෝ මඩ ගසා ඇත්නම් පෙන්වන ලෙස ඉල්ලා සිටිමු. අපහට ග්‍රේෂන් නැමැත්තා වරක් කරන ලද චෝදනාවට  අප විසින් පිළිතුරු සපයා ඇත. එය මඩක් නොවේ. කරුණු පැහැදිලි කිරීමකි. අදටත් අන්තර්ජාලය හරහා අපට මඩ ගසන්නේ වෙනත් අය ය. අප නොවේ.

කෙසේ වෙතත් කාට හෝ මඩ ගසා සැබෑ සටන් ශිල්පීන් අප යන්න පැවසීමට අපට අමුතුවෙන් අවශ්‍යතාවක් නැත. එය අද රටම දන්නා අතර එය එසේ නොවේ නම් එය ඔප්පු කර පෙන්වීමට අපි කාට කාටත් විවෘත අභියෝගයක් කලෙමු. එය භාරගැනීමට තරම් කෂේරුකාවක් නොමැති වී අපගේ ගැටලුවක් නොවේ. අංගම් ශිල්පීය පරම්පරාවකට අප ගෑවිලාවත් නොමැති බවද ප්‍රකාශ වේ. කෙසේ වෙතත් ගෑවිලාවත් නැතිද නොමැතිනම් අංගම් ඉතිහාසයේ කිඳා බැස ඇතිද යන්න දැනගැනීමට හොඳින් ඇස් ඇර www.korathotaangam.com නම් වෙබ් අඩවිය බලන ලෙස ඉල්ලා සිටිමු.

“...තලවතුගොඩ පදිංචි දේව ආරියදාස නම් අංගම්පොර ශිල්පියාගෙන් සොරාගත් ඡායාරූපයක් මාධ්‍යවලට ලබාදී තමාට අංගම්පොර ඉගැන්වූ රිචඩි පෙරේරා නමැති තම මුත්තණුවන් බව පැවසුවේය...“ යනුවෙන්ද චෝදනා වුණා. අංගම් පරම්පරාවකට ලේ උරුමකම් ඇති අපට තනි අකුරේ වාසගම් ඇති පද්දෙකුගේ පිංතූරයක් දැමීමට අවශ්‍යතාවක් නැත. කෙසේ වෙතත් මෙම චෝදනාවට සාක්ෂි සහිතව සීයාගේ යයි වෙනත් අයෙකුගේ පින්තූරයක් යෙදුවා යන චෝදනාව... යන ලිපියේ කරුණා සඳහන් කොට තිබේ.

ඊළඟ චෝදනා වන්නේ “...කොරතොට ගමේ පදිංචි මෙහුගේ නැන්දනිය වන එම්. ඒ. ඒ. ඊ. පෙරේරා මහත්මිය රටක් රවටන අජන්තව හෙලා දකිමින් මෙතෙක් තම පරම්පරාවේ අංගම්ශිල්පීන් කිසිවෙකුවත් නොසිටි බව පවසයි. ...“ යන්නයි. මෙනමින් කාන්තාවක් කොරතොට ගමේ සිටිනවා නම් පෙන්වන ලෙස අභියෝග කරන අතර මෙම චෝදනාව සඳහා පූර්ණ පිළිතුරක් ගුරුතුමන්ගේ නැන්දා යයි කියාගන්නා කාන්තාවගේ ප්‍රතිචාරය... යන ලිපියේ සඳහන් වේ.

අප පරම්පරාව හා පාරම්පරික ශිල්පීන් ගැන දන්නා අය අදටත් මේ ගමේ ජීවත් වේ. ඔවුන් කිහිප දෙනෙක් ඉහත යතිවර වන්දනා වැඩසටහනේදී අදහස් දක්වා ඇත. කොරතොට ආරච්චි පරම්පරාවලින් අදටත් පැවතගෙන එන පරම්පරාවන් මේ ගම තුළ අදටත් ජීවත් වන අතර අප ගුරුතුමන්ගේ සීයාගෙන් උගත් අය අදටත් මෙහි සිටී. ඊයේ පෙරේදා ඉඩම් මිලදී ගෙන හෝ කුලියට ගෙන මේ ගමට ආ අය නොව පැරණි ගැමියන් අප ගැන හොඳින් දන්නා බවත් ඔවුන් මේ ශිල්පයට හා ශිල්පීන්ට ගරු කරන බවත් අප මෙහිදී ප්‍රකාශ කළ යුතු ය.

“මහන්ත ආරච්චි“ නම් වන අප පරම්පරාව කොරතොට අංගම් පරපුරට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂියක් පත්තිරු 60කින් යුත් "කොරතොට වත" නම් පුස්කොල ග්‍රන්ථයේ 21 වෙනි පත්තිරුව තුළ ඇති පහත සඳහන මෙහිදී කාගේත් අවධානය උදෙසා දක්වමු.

"පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද...."

මේ ගැන වැඩිමනක් විස්තර මහන්තාරච්චි කොරතොට ආරච්චි වූයේ කෙසේ ද යන චෝදනාව නොහොත් කොරතොට ආරච්චිවරුන්ගේ ප්‍රධාන වූ මහන්තාරච්චි පරම්පරාව... යන ලිපියේ දැක්වෙනවා.

තවත් චෝදනාවක් වන්ගේ අප විසින් රාජසිංහ රජ පෙළපතේ අවසන් පුරුක බව ප්‍රකාශ කරන බවයි. කිව යුත්තේ මෙයයි. අප කොරතොට ආරච්චි පරම්පරාවේ වර්තමාන (අවසන් පරම්පරාව නොවේ) පරම්පරාව වන අතර කිසිඳු විටෙක අප රාජසිංහ රජ පෙළපතේ ලේ උරුමයක් ගැන කියා නැත. රාජසිංහ රජුගේ ආරච්චි පරම්පරාවක් ගැන පමණක් කියා ඇත. කාට කාටත් එසේ පෙනෙනවාට අපට කරන්නට දෙයක් නැත. රාජසිංහ රජු සිටියානම් අප උල තැබීම කෙසේ වෙතත් එතුමන් සිටියානම් කෝට්ටේ වීදිය බණ්ඩාරට එදා දුවන්න ගැසුවා මෙන් අදටත් ඒ ප්‍රදේශයටම ගොස් මේ කාලකණ්නින් ටික පෙති ගසනු ඇත.

වසර 38000කට අධික පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අප ජාතියට සුදු කොටයන් බිහිවූයේ නැත. රොබට් නොක්ෂ් වැනි උන් අප බල්ලන් මෙන් කූඩු කොට ඇති කළා මිස අද මේ රට පාවාදෙන්නන් මෙන් උන්ට පනික්කි පට්ටම් දුන්නේ නැත. ඒ නිසාවෙන්ම මේ ශිල්පය ආරක්ෂා කළ යුත්තේ අපගෙන්ද නොමැති නම් මෙවැනි පාවාදෙන්නන්ගෙන්ද යන්න තවදුරටත් සිතා බැලිය යුතු ය.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙපමණකි. අතීතයේ සිටම අපේ කම, අපේ රට, දැට, සමය පාවා දුන් පාහරයින් මේ සමාජයට බිහිවිය. එය අදටද එසේම ය. හෙටත් එසේ නොවේ යැයි සිතිය නොහැකි ය. අපේ කමට මුවාවී එය වනසන උදවියට එයට එරෙහි වන අය නිහඬ නොකළහොත් ඔවුන්ගේ කාරිය නිදහසේ කරගෙන යා නොහැකි ය. එනිසා ඔවුන් මොනයම් හෝ උපක්‍රම යොදමින් සැබෑ දේශප්‍රෙමීන් විනාශ කිරීමට මාන බලති. කිහිප විටකම අප සටන් පරපුරට එවන් මඩ ප්‍රහාර එල්ල විය. නිර්නාමික ඇමතුම්වල සීමාවක් නොවී ය. මේවා සැබෑ සටන් ශිල්ප උගත් අපටනම් කිසිසේත් අදාල නැත. නමුත් මේවා කොන්ද පන නැති තුච්ච වැඩ ය. තම තමන්ගේ අංගං ව්‍යාපාරවලට පහර වදින විට එසේ වීම පුදුමයට කරුණක් ද නොවේ.

No comments:

Post a Comment