අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

සීයාගේ යයි වෙනත් අයෙකුගේ පින්තූරයක් යෙදුවා යන චෝදනාව

නිදහස – බලය – සුව පහසුව – ඉසුරු මලු
බරවුණ විට “අසම්මත “ පළ දරන සුලු
අසුවුණ විට තැලෙන යකඩය නොවැද මුලු
ආචාරියා උඩ පැන පැන තලන වලු

එදා සිටම මේ රටේ යම් නිවැරදි පුද්ගලයෙකු ඉදිරියට පැමිණෙන විට ඔහුගේ කකුලෙන් ඇද බිමට දමා පාගා ඒ සාරයෙන් පොහොසත් වීමට උත්සාහ දැරී විභීෂණලා සුලභ ය. එය මේ කලියුග කාලයේ ලියලා අතුපතර විහිදී ගිය නුග ගසක් මෙනි. මෙවැනි නුගගසක් කොතරම් අතුපතර වැඩුනද කොතරම් පුංචි ගසක් වුවද සඳුන් ගසකට තරම් නොවේ. මන්ද සඳුන් ගසක් සිටුවා ගැනීමට අවශ්‍ය වූ කල අප කරනුයේ කිසි කමකට නැති මහා රෑස්ස ගස කපා දැමීමයි. කෙසේ වුවත් ඒ මහා වල් ගසෙන් වන හානියද අවතක්ෂේරු කළ නොහැකිය. සඳුන් ගසකට වැවෙන්නට නොදී අතුපතර විහිදෙමින් ලෝකයට තමා මහා ප්‍රාඥයෙකු සේ පෙන්වීමට උත්සාහ කරන බැවිණි. කපා මාසයෙන් දිරා යන එල කසකට වඩා දස දහසක් කල් පවතින සඳුන් ගසකට එය ස්වප්නයෙන් ගිය අණ්ඩවාතයක් මෙනි. රටට යමක් කිරීමට උත්සාහ කරන උන් තිඹිරිගෙහිම මරා දමන්නට මේ කලුසුද්දන්ට හැකි බව කියූ අනගාරික ධර්මපාලයන්ගේ ප්‍රකාශ ඔප්පු කරන්නටදෝ ඇතැම් කෂේරුකාවක් නැති අමනයින් පිරිසක් අප ගුරුතුමන් වන අජන්ත මහන්තාරච්චි නොහොත් මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා මැතිතුමාට අන්තර්ජාලය හා පුවත් පත් මගින් කර ඇති චෝදනා වලට පිළිතුරු සැපයීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු නිසා මේ ලිපිය ලියැවේ.

සීයාගේ යයි වෙනත් අයෙකුගේ පින්තූරයක් යෙදුවා යන චෝදනාව

සාමාන්‍යයෙන් පුවත් පතකට ලිපියක් ලියා එයට පිළිතුරු ලිපියක් ලියන විට පෙර ලිපිය ගැන දින වකවානු හරියට යෙදිය යුතු ය. එය එසේ වුවත් මෙම චෝදනාත්මක ලිපියේ සඳහන් වන “2007 ජුලි 17 වන ඉරිදි රසඳුන පුවත් පතේ...“ යන්න පට්ටපල් කෙප්පයකි. මන්ද එම දිනය ඉදිරිදා දිනයක් නොවේ. එසේ ලත් තැනම බොරුවක් කියන දේව ආරියදාස නැමැති අංගම් (චීනඩි) ශිල්පියා එම පින්තූරය තමාගේ බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් තමන්ගේ පින්තූරයක් ලෙස අජන්ත ගුරුතුමන් දමා ඇත්තේ අජන්ත ගුරුතුමා තමන්ගේ සීයා ගැන කියන්නාවු ඉතිහාස කතා සියල්ල බොරු බවට ඔප්පු කොට ඔහු සමාජය ඉදිරියේ බොරු කාරයෙකු කිරීමේ පහත් උත්සාහයෙන් බව මුලින්ම පැහැදිලි කළ යුතු ය. අජන්ත ගුරුතුමාට සීයා අංගම්පොර ඉගැන්වූ නිසාවෙන්ම දෝ දේව ආරියදාසටත් උගන්වා ඇත්තේ සීයාම වීම දෛවෝපදහගතය.  මේ අතර තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ “අවුරුදු 16ක් වූ පසු 1948 පෙබරවාරි හතරවනදා“ එනම් ලංකාවට නිදහස ලැබූ දිනයේදීම ඔහුට අංගම්පොර පුරුදු පුහුණු කිරීමට ඔහුගේ සීයා පටන් ගෙන තිබීමයි. එයින් තවත් පුංචිපහේ මඩක් අජන්ත ගුරුතුමාට ගැසිය හැකිය එනම් “අවුරුදු 16ක් වන තුරු අංගම්පොර ඉගෙන ගන්න බැහැ, අජන්ත කොහොමද අවුරුදු 6දීම ඉගෙන ගත්තේ“ යන්නයි. ඒකට නම් කිව යුත්තේ ඉතිහාස මදක් කියවා අප සටන් කරුවන් යුද්ධයට ගියේ වසර කීයේදීදැයි දැනගන්නා ලෙසයි. මේ අතර ඔහු ගාන්ධී චිත්‍රපටයක චරිතයක් රඟපෑ බව කියන්නේ රඟපෑමෙන් අංගම් ශිල්පියෙකුට මොකක් හෝ සහතිකයක් ලැබෙනවා යයි සිතන පහත් මානසිකත්වය නිසා විය යුතු ය. 


කෙසේ වෙතත් පුවත් පත්වල තොරතුරු පළකිරීමේ නීති රීති වලට විරුද්ධව මෙම කටයුත්ත සිදු වී තිබේ. වැරැද්දක් නිවැරදි කිරීමක් පමණක් අදාල ලිපියේ කතෘට ලිඛිත දැනුම්දීමකින් පසුව සිදු කළ හැකිය. නමුත් ඔහු ගැන පූර්ණ විස්තරයක් මෙම ලිපියේ සඳහන් වේ. එහෙයින් මෙය නිවැරදි කිරීමක් නොව තවත් එක් වෙළඳ දැන්වීමක් ලෙස පමණක් හඳුනාගත හැකි ය. මේ ආකාරයට අප ගුරුතුමන්ට චෝදනා එල්ල කළ දේව ආරියදාසට එරෙහිව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කර අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී. තමන්ගේ සීයා “අසුරුමුනි හෙන්ද්‍රික් සිල්වා“ වූ විට ආරියදාසගේ වසගමේ එම සීයාගේ නමේ කිසිඳු කොටසක් මුණුබුරාගේ නොතිබීමද පුදුම සහගතය.

කෙසේ වෙතත් ඔහුගේ වයස හා අසරණ තත්ත්වය සලකා අප අන්තිමයේදී ඔහුට විරුද්ධව නඩු මාර්ගයට යාම අත්හිටුවන ලද්දේ ඔහුව මේ ලිපිය ලිවීමට උල්පන්දම් දුන් නුගේගොඩ මිරිහාන ජී. කරුණාපාල (නම කියන්න වුණාට සමාවෙන්න) හා ඔහුගේ ආයතනය මෙම පුද්ගලයා තනි කිරීම හේතුවෙනි.

ඉහත පින්තූරය පිරිගණක තාක්ෂණය ආශ්‍රයෙන් කෙරෙනු ලබන රස පරීක්ෂණයකි. පින්තූරයේ ඉහළ කොටසේ ඇති ලා නිල් පාටින් ආලෝකමත් කොට ඇති දෙදෙනාගේ කන් ප්‍රදේශය සලකා බලන්න. සාමාන්‍යයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේදී පවා වම් කණ අසුවන සේ පින්තූර ගන්නේ මේ හේතුවෙනි. අප ගුරුතුමන්ගේ සීයාගේ පින්තූරයේ කණ වැසෙන සේ රවුල වැවී තිබුණද දේව ආරියදාසයේ රවුල වැවී ඇත්තේ කණ ඉතිරිවන පරිදි ය. එයට අමතරව ඉහත රූප දෙකේ හමේ වර්ණය හොඳින් විමසා බලන්න. සීයාගේ පින්තූරයේ හමේ වර්ණය තරමක් අඳුරු ස්වාභාවයක් ගත්තද දේව ආරියදාසගේ එසේ නැත. පහත පින්තූර දෙකේ වර්ණ සංයෝගයකට යොදා ඇති පින්තූර දෙකේ රවුල වැවී ඇති ආකාරය බලන්න. එක් කොටසක් ලෙස සීයාගේ රවුල වැවී තිබුණද දේව ආරියදාසයේ රවුල වැවී ඇත්තේ කොටස් දෙකකට බෙදී යන පරිදිය. මේ අතර නළලේ පිහිටීම හා උඩු රැවුලේ පිහිටීම එකිනෙකාට හාත්පසින්ම වෙනස් ය. මේවා බුද්ධිමත් මනසින් විමසා බලා කුමක් සිදුවී ඇති දැයි තේරුම් ගැනීමට අපි ප්‍රේක්ෂකයින්ට භාර කරමු. මේ අතර මේ දේව ආරියදාස යනු කවරෙක්දැයි අපි පැහැදිලිවම විමසා බලමු.

කවරකු කවුරු වෙනුවෙන් ගිය නමුදු කඩේ
ඉන්නෙන් පළක් නැත හිට වූ විටදි මඩේ
කට වාදමෙන් නොවැසෙයි බිජු තිබෙන බඩේ
පොරවට බැරිය දැලි පිහියෙන් කරන වැඩේ

එක එක ආකාරයේ මඩ ප්‍රහාරයක් අප ගුරුතුමන්ට හා සම්ප්‍රදායට එල්ල වන අතරේ අප දෙනෙත නැවතත් මේ සම්බන්ධයෙන් විවර කළ යුතු සිදුවීමක් ලෙස පහත පින්තූරය කරුණාපාලගේ මුහුණු පොතේ ලිපියක සඳහන් විය.

මෙම පින්තූරයේ යටින් සඳහන් වන්නේ කරුණාපාල ශිල්ප හැදෑරූ ගුරුවරුන් කිහිප දෙනෙක් මෙම පින්තූරයේ සිටිනා බවත් අන්තිමට සිටින්නේ Guru D. Ariyadasa බවත්ය. එනම් දේව (D.) ආරියදාසයි. මෙයින් අපට සිතා ගත හැකි බොහෝ දේ තිබේ. ඉන් පළමු කරුණ වන්නේ අප ගුරුතුමන් ඇත්තටම සීයා කියා වෙනත් අයෙකුගේ පින්තූරයක් දැමීමේ ඇති අවශ්‍යතාව හා එයට කරුණාපාලගේ ගුරුවරයෙකුගේ පින්තූරයක්ම යොදා ගත්තේ කුමක් නිසාද යන්නයි. මහන්ත ආරච්චිගේ රිචඩ් පෙරේරා නම් රහසිගත අංගම්පොර ශිල්පියා ගැන දන්නා පාරම්පරික මිනිසුන් රාශියක් අදටත් කොරතොට විහාරය ආශ්‍රිතව ජීවත් වෙයි. ඔනෑම අයෙකුට සැබැ සීයා කවරාකාරයේ පුද්ගලයෙකු දැයි කොටතොර විහාරාශ්‍රිත පැරණි පරම්පරාවල මිනිසුන්ගෙන් අදටත් අවබෝධ කොට ගත හැකි ය.


සාරාංශය


අවසාන වශයෙන් කිව යුත්තේ මේ කියන සියලුම කාරණා අප සතුව නිවැරදි ශාස්ත්‍රය තිබෙනවාද නැද්ද යන්න විමසීමට අදාල කරුණු කාරණා නොවේ. මේවා අප ගුරුතුමන්ට පුද්ගලිකව එල්ල කරන මඩ ප්‍රහාරයන් ය. ගහන්න ගහන්න තැලෙන ලී දඬුවක් ලෙස අප ගැන කවුරුන්හෝ සිතා සිටිනවානම් කිව යුත්තේ අප තැලෙන්න තැලෙන්න මුවහත් වන වාණේ සථිතියක් බවයි.

 යටි කූට්ටු වැඩ, මඩ ප්‍රහාර ලංකාවට අමුතු දේවල් නො වේ. එලෙස ම ඉහත ක්‍රියාකාරකම් සඳහා ඉතා ප්‍රකට පුද්ගලයෝ ද ලංකාවේ සිටිති. දැන් දැන් ඒකම අංගම්පොර යයි කියා ගන්නා අය නම් දරා සිටින බව පෙනේ.  අතීතයේ සිටම අපේ කම, අපේ රට, දැට, සමය පාවා දුන් පාහරයින් මේ සමාජයට බිහිවිය. එය අදටද එසේම ය. හෙටත් එසේ නොවේ යැයි සිතිය නොහැකි ය. අපේ කමට මුවාවී එය වනසන උදවියට එයට එරෙහි වන අය නිහඬ නොකළහොත් ඔවුන්ගේ කාරිය නිදහසේ කරගෙන යා නොහැකි ය. එනිසා ඔවුන් මොනයම් හෝ උපක්‍රම යොදමින් සැබෑ දේශප්‍රෙමීන් විනාශ කිරීමට මාන බලති. කිහිප විටකම අප සටන් පරපුරට එවන් මඩ ප්‍රහාර එල්ල විය. නිර්නාමික ඇමතුම්වල සීමාවක් නොවී ය. මේවා සැබෑ සටන් ශිල්ප උගත් අපටනම් කිසිසේත් අදාල නැත. නමුත් මේවා කොන්ද පන නැති තුච්ච වැඩ ය. තම තමන්ගේ අංගං ව්‍යාපාරවලට පහර වදින විට එසේ වීම පුදුමයට කරුණක් ද නොවේ. අභියෝගයක් කළ විට එය භාර ගැනීමට තරම් කශේරුකාවක් නැතිව තැන තැන ඇඟ බේරා ගැනීමට එක එක කෙප්ප ටොම් පච ඇදබාන මෙවැනි අඳබාලයින් අංගම්පොර යයි කියා ගැනීම අංගම් ශාස්ත්‍රයට ද නිගාවකි.

,

No comments:

Post a Comment