අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

කොරතොට කරාටේ මායාවේ ඇත්ත කතාව



සිංහලයා ලොව ප්‍රභලම ජාතියක් වූයේ අප තුළ පවතින ඍජු බව නිසා ය. සුද්දදොන්ට උඩරට රාජධානිය හිමිවීමට විනාඩි ගණනක් තිබියදී පවා වාරියපොල සුමංගල හිමියන් විසින් දහස් ගණනක් සුදු ජාතික හමුදාවේ තුවක්කු බට ඉදිරියේදී ම සුද්දාගේ කොඩිය ගෙන බිම දා පාගා සිංහල කොඩිය ඔසවා එදා සිංහනාද කලේ ඒ හෙළ ගුණය නිසා ය. අපි එහෙව් ජාතියකි. එනම් දැඩි කෂේරුකාවක් ඇති ජාතියකි. අපි මිනිසුන්ට අභියෝග කරන්නේ හැංගි සිට තම හිස පශ්චාත් භාගයේ ගසාගෙන වෙවුලමින් නොවේ. "රණ බිම මැරුණේ සිංහලයෙක් නම් පපුවේ ලේ පැල්ලම් ඇත්තේ, සතුරට ළය දී මිස මැරුණේ නැහැ ලේ පැල්ලම් නෑ පිටපැත්තේ යයි" නන්දා මාලිනිය ගායනා කලේ කට ගහනවට නොවේ. එවන් වූ ජාතියක උරුමය වූ සාම්ප්‍රදායික සටන් කලාව, අංගම් සටන් කලාව පාරම්පරිකව උරුම කරගෙන අද දක්වා දහසක් කම්කටොලු මැද එය ආරක්ෂා කරමින් පවත්වාගෙන පැමිණි අපට අද මුහුණ දීමට සිදුවී ඇත්තේ පශ්චාත් භාගය හරවාගෙන හැංගි හැංගී සටන් කරන නිවටුන් සමූහයකට ය. අඳුරු ආරක්ෂකයා හා කරුණාපාලගේ ගෝල බාලයින් විසින් අපට කරනු ලබන 'කරාටි චෝදනාව' එනම් අප මුහන්දිරම් තුමා වන ආචාර්ය අජන්ත මහන්තාරච්චි ගුරුතුමන් කරාටි සංගමයක් පවත්වාගෙන ගිය සෙන්සේ කෙනෙකු ලෙස හඳුන්වා දෙමින් ලෝකයා මුලා කිරීමට දරණ උත්සාහයට පිළිතුරු සැපයීමට මෙයින් බලාපොරොත්තු වෙමු.


1. චොදනාව හා චෝදනා කරන්නෝ

"මේ ෆොටෝ වල ඉන්න එක්කෙනාව අඳුරනවද බලන්න! අදුරන්නැත්තම් මෙයාට කොණ්ඩයක් තියනව කියල හිතින් මවාගන්න" යනුවෙන් ප්‍රකාශ කරමින් අප ගුරුතුමන් විසින් මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී කරන ලදැයි කියන කරාටි සන්දර්ශනයක සිහිවටනයක් ලෙසින් කරන ලද පොතක (souvenir) ස්කෑන් කරන ලද පිටු කිහිපයක් ඉදිරිපත් කළේ අඳුරු ආරක්ෂකයා විසින් ය. මේ අඳුරේ සිටින ආරක්ෂකයා මෙයින් ලොවට ඒත්තු ගැන්වීමට උත්සාහ ‍කළේ කුමක් ද යන්න ඔහු විසින් ඔහුගේ මුහුණු පොතේ දී "මොකෙක්හරි කරාටිකාරයෙක් සරමක් ගැටගහගෙන වෙබ් සයිට් එකක් ෆේස්බුක් ගිනුමක් අටෝගෙන දේශප්‍රේමය ගැන මොරදෙන්න ගත් විට එයට ඇන්දී මළකුණට ඇදෙන නිලමැස්සන් සේ ඇදිඇදී යන අයට කියන්නට ඇත්තේ 'සොරිම තමයි' කියාය."  යන ප්‍රකාශයෙන් පෙනේ. මෙම චෝදනාව එල්ල කරනවාත් සමඟම අප විසින් අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර... යන ලිපියෙන් කුඩා පැහැදිලි කිරීමක් පමණක් කළ විට ඔහු කීවේ ඔහුට අප බියවී ඇති බවයි. නොපෙනෙන යක්කුන්ට පමණක් නොව පෙනෙන යක්කුන් සමඟද සටන් කරන්නට උගත් අපට ඔහු ගැන ඇත්තේ සානුකම්පිත හැඟීමක් පමණි. එහිදී අප විසින් "ඔබලා සැබෑ පිරිමි නම් අපේ අංගං මඩුවට පැ‍මිණෙන්න. එවිට ඔබලාට ගැටළුවක් වූ නියම පාරම්පරික උතුම් වූ සැබෑ අංගං සටනේ රසයද දැන කියා ගත හැකි වනු ඇත." යනුවෙන් අභියෝගයක් ‍එල්ල කළ ද එය නොඇසුන මේ බක තපස් කීවේ "ඔය අංගංපොර දන්නව කියන අය මට මොනාහරි කරන්නකො මායාඅංගං වලින්!!!! හැබැයි ,මට වෙන්නෙ මොකද්ද කවද්ද වෙන්නෙ කියල කියන්න ඕන. අඩුමගානෙ මාසෙකටවත් කලින්. සහ තමතමංගෙ website/ page/ group වල ප්‍රසිද්ධ කරන්න ඕන. අපි බලමු මුලින්ම, අජන්ත මේ වැඩේ කරයිද කියල!" යන උපහාසාත්මක කථාවකි. මායා අංගම් යනු බටහිර අද්භූත චිත්‍රපටිවල සිටිනා මායා කාරයින් මෙන් 'මැජික්' එකක් යයි මෙම නිවටයා සිතා සිටිනවා විය යුතු ය. ඔහු මායා අංගම් ගැන හරිහමන් ලෙස අසා දැනගෙන වත් නොමැති බව එයින්ම පැහැදිලි වේ. කෙසේවෙතත් මේ බාල අභියෝගයට කිව යුත්තේ සරළ පිළිතුරකි. ඉන්ටර්නෙට් එකෙන් මායා අංගම් කරන්නට නම් අප නොදන්නා අතර වෙස් මුහුණු ගලවා දැන් සිටින "අඳුරෙන්" එලියට විත් මුහුණට මුහුණ එනවා නම් මායා අංගම්වල පමණක් නොව ඔහුගේ අම්මා මුත්තා පෙවූ කිරිවලත් රසය පෙන්වීමට හැකි බවයි.


කෙසේවෙතත් අඳුරු ආරක්ෂකයා යනු කවරෙකුගේ කොන්තරාත්තුවක් දැයි හසුවීමට ගත වූයේ සතියකට ආසන්න කාලයක් පමණි. තමන්ට පසුගිය ජූනි 30 වන දින වෙනත් අයෙකු විසින් මෙම කරාටි පොත ලබා දුන් බව ප්‍රකාශ කළ අඳුරු ආරක්ෂකයා ටික දිනක් නිශ්ශබ්ද ව සිටින විට ඒ පොත ලබා දුන් කෙනාට නිහඬව සිටීම අසීරු වූ බව ඔප්පු කරන්නට දෝ කරුණාපාලගේ පුත්‍ර රත්නය වන තුසිත කුමාර නැමැත්තා එම කොන්තරාත්තුව ඉදිරියට ගෙන යාම භාරගෙන තිබෙන බව පැහැදිලි වන්නේ පහත සඳහන් ඔහුගේ  කොමෙන්ටුවෙනි.


දැන් දැන් අපට අඳුරු ආරක්ෂකයා යනු කවරෙක්දැයි පැහැදිලි වී හමාරය. හඳුනාගැනීමට අපහසු පින්තූරයක් දෙස බලාගෙන තුසිත හා ආරක්ෂකයා යන දෙදෙනාම ප්‍රකාශ කරන්නේ එකම දේ ය. මෙය පැහැදිලි පින්තූරයක් වුණා නම් එය පිළිගත හැකි ය. නමුත් මෙහි ඇත්තේ සාමාන්‍ය ඇස් පේන පුද්ගලයෙකුට හඳුනා ගත නොහැකි මට්ටමේ පින්තූරයකි. (මෙහි සැබවින්ම ඉන්නේ කවුදැයි ඉදිරියට විස්තර වනු ඇත.) කවුරු කවුරු වුණත් අප නම් දන්නේ සරළ දෙයකි. එනම් කරුණාපාල ළඟ සිටින සියලුම දෙනා සිටින්නේ දැඩි අඳුරේ බවයි. අඳුරෙන් එලියට විත් බලන්නේ නම් සත්‍ය හෙළි වනු ඇත.

2. අසත්‍ය චෝදනාවට සත්‍ය පිළිතුර

මින් පෙර ඔවුන් විසින් කරන ලද මහන්තාරච්චි කොරතොට ආරච්චි වූයේ කෙසේද  යන්නට අප පිළිතුර සපයා ඇත්වාක් මෙන්ම මෙයටද සාර්ථක පිළිතුරක් දීමට අප සන්නද්ධ වී හමාරය. 2006 වසරේදී මහරගම මධ්‍යමහා විද්‍යාලයේ කරාටි සංගමය මගින් සිදු කරනු ලැබූ 'කරාටි සන්දර්ශනය' ඔවුන්ට අවශ්‍ය වූයේ සුවිශේෂී සන්දර්ශනයක් බවට පත්කිරීමටයි. එහිදී ප්‍රධාන සංවිධායක තුමා විසින් එම සන්දර්ණය තුළ දී කරාටි ක්‍රීඩාව පමණක් නොව නින්ජිට්සු හා දේශීය සටන් කලාව වන අංගම් සටන් කලාවේ අංගත් ප්‍රෙක්ෂකයාට පෙන්වීමට උත්සාහ කළේ ය. එහිදී අංගම්පොර සටන් පෙන්වීමේ අවස්ථාව ලැබුණේ අප ගුරුතුමන් වන අජන්ත මහන්තාරච්චි මැතිතුමාට ය. මෙය හුදෙක් කරාටේ සන්දර්ශනයක් පමණක් නොවන බව ඔවුන් විසින් නිකුත් කරන ලද පහත ටිකට් පතින්ම පැහැදිලි වේ.



මෙහි අංග ලෙස දක්වා ඇත්තේ කරාටේ පමණක් නොවේ. විවිධ සටන් ක්‍රම කිහිපයක් ඇතුළත් කොටගෙන කරනු ලැබූ බහු සටන් ක්‍රම සන්දර්ශනයක් ලෙස මෙය පැහැදිලි වේ.

එහිදී මෙම සන්දර්ශනයට මූල්‍ය දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් සිහිවටනයක් ලෙසින් කරන ලද පොත (souvenir) මුද්‍රණය කරනු ලැබූයේ මහරගම දීප්ති කොමියු‍නිකේෂන්හි නිර්මාණයක් තුළිනි. එවන් අරමුණකින් මුද්‍රණය කරන ලද පොතේ සැබෑ ස්කෑන් කරන ලද පිටපත වන අද අඳුරු ආරක්ෂකයා ඇතුළු කරුණාපාලගේ ගෝලබාලයින් විසින් චෝදනා කරනු ලබන කරාටි පොතේ සැබෑ පිටපත පහත දැක්වෙන යොමුවෙන් බා ගත කර ගත හැකි ය.

පහත යොමුව තුළින් බා ගත කර ගෙන පිටපත නැරඹීමෙන්‍ මෙම ලිපිය කියවන පාඨකයාට සියල්ල වැටහෙන නමුදු ඔහු විසින් එම සැබෑ පිටපත චෝදනාත්මක චේතනාවෙන් වෙනස් කොට ඇති අයුරු පහත පින්තූර වලින් ඔබට පැහැදිලි වනු ඇත.







3. "අඳුරට නොපෙනුන" අප අංගම් ශිල්පීය පින්තූර සහිත වෙනත් පිටු

පසු පිට පමණක් නැති වී ඇති බව ප්‍රකාශ කරන ලද අඳුරු ආරක්ෂකයාට අප ගුරුතුමන්ගේ සටන් පින්තූර සහිත වූ පහත පිටු ටික ද නොපෙනී තිබීම නම් අරුම පුදුම සිදුවීමකි.



මෙහි 17, 19, 20 හා 21 යන පිටුවල ඇත්තේ උක්ත පොතේම ඇති අප ගුරුතුමන් (කොණ්ඩය වවාගෙන) සිටින අංගම් සටන් සහිත පින්තූර කිහිපයකි. 20 වන පිටුවේ  "කරාතේ සන්දර්ශනයට සුභ පැතුම්, අංගම් උපදේශක අජන්ත පෙරේරා, කඩුවෙල" යන කොටස අප ගුරුතුමන් විසින් මෙම සන්දර්ශනයට සුභ පතා මුදල් ගෙවා යොදන ලද කොටසකි. 18 වන පිටුවේ ඇති වැඩසටහන් විස්තරයේ අංග ලෙස "අංගම් මූලික ඉරියව්, අංගම් සේල්ලම්, කඩු පලිහ, අංගම් සටන්, කතාව 03 (අංගම් උපදේශක)" යන දක්වා තිබේ. 25 වන පිටුවේ අන්තිමට දක්වා ඇති සෙන්සේ වරයෙකුගේ මුහුණුවර තරමක් අප ගුරුතුමන්ට සමීප නිසා එය කපා ගෙන ගොස් 7 වන පිටුවේ තිබෙන පින්තූරය වෙනුවට යොදා තිබේ.  එසේ කිරීමේන් අනතුරුව "මේ ෆොටෝ වල ඉන්න එක්කෙනාව අඳුරනවද බලන්න! අදුරන්නැත්තම් මෙයාට කොණ්ඩයක් තියනව කියල හිතින් මවාගන්න" යනුවෙන් මේ ආරක්ෂකයා කියන්නේ එම සෙන්සේවරයාගේ පින්තූරය දෙස බලා අපට අජන්ත මහන්තාරච්චි ගුරුතුමන් මවා ගන්නා ලෙස බව දැන් අපට පැහැදිලි ය.

4. සාරාංශය

මෙය බැලූ ප්‍රෙක්ෂකයාට සියල්ල තේරුම් යන නිසා තවදුරටත් යමක් කීමට අවශ්‍ය නැතැයි සිතුන ද මෙවැනි අභූත චෝදනා එල්ල කරමින් ‍බොරු, කෙප්ප හා ටොම් පච ඇද බාන කෂේරුකාවක් නැති නපුන්සකයින්ට යමක් කිව යුතු ය. වරක් යු ටියුබයේ වීඩියෝවක් දමා අපට ස්වස්තිකය ඉගැන්වීමට පැමිණි ග්‍රෙෂන්ට එදා දුන් පිළිතරම අද අඳුරු ආරක්ෂකයා නමින් පෙනී සිටින කරුණාපාලගේ පඩි කන බැලයාට බොහෝමත්ම අවධාරණයෙන් කියා සිටින්නේ ඔබලාගේ මුග්ධ ප්‍රකාශ හා චෝදනා හමුවේ අපගේ ගමන නැවැත්විය නොහැකි බවයි. ලෝකයේ ඇති ඕනෑම තාක්ෂණික මට්ටමක් භාවිතා කරමින් හෝ ඔබ අනාගතයේදී ද මෙවැනිම චෝදනා එල්ල කරන බව අපි දනිමු. "ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ, සැපයක්යැයි කකුළුවා දිය කෙළියේ" යයි කීවාසේ ටික දවසක් තාවකාලික වින්දනයක් ලැබීමට ඔබට හැකියාවක් ලැබෙන නමුදු ඔබලා කරන ආකාරයේ කුමන චෝදනාවකට වුවද අප ළඟ පිළිතුරු හරි අපූරුවට ඇත. නමුත් නිවටුන් කියන කියන ලෙස නටන්නට අප සූදානම් නැත. තම තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලින් උදම් වී සිටින ඔබලාට අංගම් යන නාමය ව්‍යාපාරික සංකේතයක් වුවද මෙය අපට නම් ආගමකි. මේ ව්‍යායාමය පවා අප විසින් සිදු කරනු ලබන්නේ එම ශාස්ත්‍රයේ විනාශය බලා සිටිය නොහැකි නිසා හා අප පරම්පරාව ගැන සාමාන්‍ය ජනතාව තුළ ඇති විය හැකි වැරදි අවබෝධයෙන් වලක්වා ගැනීමට මිස ඔබලාට මෙන් අංගම් කඩයට සෙනඟ වැඩි කර ගැනීමට නොවේ. අප වෙත පැමිණෙන හම්බයටත්, අරාබි කාරයාටත්, නාසිවාදියාටත් අංගම් ශිල්පය ඉගැන්වීමට අප සූදානම් නැත. මේ ශාස්ත්‍රය අනාගතයට ආරක්ෂා කරන පිරිසිදු සිංහල බෞද්ධ අයට පමණක් අප ශිල්පය දෙනු ලබන බැවින් හා එවැන් අය සමාජයේ අල්ප බැවින් ඔබලාට මෙන් ව්‍යාපාරයක් කිරීමට උවමනාවක් නැත. ඒ බව ඔබලාගේ පශ්චාත් භාගයෙන් හෝ අවබෝධ කොටගැනීමට නොහැකි වේ නම් අප අංගම් මඩුවට පැමිණ වසර දහස් ගණනක් අප විසින් ආරක්ෂා කරන ලද අති උතුම් කලාවේ රසය ලුණු ඇඹුල් ඇතුව දැන ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment