අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

ගුරුතුමන්ගේ නැන්දා යයි කියාගන්නා කාන්තාවගේ ප්‍රතිචාරයක් යයි කියන ලිපිය

2010-08-08 වන දින සිළුමිණ පුවත් පතේ සියලු ශාස්ත්‍රවල එකතුවක් වූ අංගම්පොර සටන් කලාව මැයෙන් අප ගුරුතුමන්ගේ ලිපියක් පළවී  මාස 3කට පසු 11 මස 7 දින පළුවූ මෙම ප්‍රතිචාර නම් සිළුමිණේ දෙවැනි චෝදනාව සූක්ෂම ලෙස සැලසුම් කොට තිබුණි. එනම් පුවත්පත් නීතියට අනුව ප්‍රතිචාරයක් පළ කිරීමේ හැකියාවක් ලිපියේ හිමිකරුගේ අවසරයකින් තොරව හැකි අතර එවැනි ප්‍රතිචාරයකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි ය. එම නිසාවෙන්ම ගියවර මෙන් මෙම ලිපියට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් තිබුණේ නැත.


කෙසේ වෙතත් අපට නිහඬව සිටීමට හැකි වූයේ දින 4ක් පමණි. 11 මස 11 වන දින කරුණාපාලගේ මුහුණු පොතේ මෙය පළකොට හතර අතේ කුණු කතා කියන්නට පටන් ගත්තේ ය. එම පින්තූරය යටින් යොදා ඇති “You can fool some people sometimes, But you can't fool all the people all the time.. This is the real truth about Kotrathota Angam guru(horu) Ajantha Perera (26 years old) he's the guy who blamed us via news papers for teaching this art to the forefingers.“ ඔවුන් පර සුද්දන්ට උතුම් අංගම් ශාස්ත්‍රය නමින් චීනඩි විකිණීමට විරුද්ධව අප විසින් කරන ලද චෝදනාවකට ඔවුන්ගේ ප්‍රතික්‍රියාව මෙය බව ඔවුන් එයින් නොකියා කියයි. එනම් අපිට දුන්න ගේමට අපිත් ගේමක් දුන්නා වැනි රස්තියාදුකාර කතාවක් මෙම වචන කිහිපය තුළ ගැබ්ව ඇතිවා සේය. සිංහලයේ සම්ප්‍රදායන් රැක ගැනීමට උත්සාහ කළ සිංහලයන්ට හැමදාමත් මෙවැනි කොනප්පු බණ්ඩාරලාගේ ප්‍රහාර වලට මුහුණ දීමට සිදු විය. කෙසේ වෙතත් මේ ගැන යම් පැහැදිලි කිරීමක් කළ යුතු ය.

සිළුමිණ පුවත්පතේ අප ගුරුතුමන්ගේ ලිපි දෙකක් මේතාක් පළවී ඇති අතර ඒ දෙකටම චෝදනාත්මක ප්‍රති ලිපියක් ලියැවී තිබීම සිලුමිණ පුවත්පතේ කවුරුන්හෝ අදිසි හස්තයක් අප ගුරුතුමන්ට විරුද්ධව ක්‍රියාත්මක වන බවට කදිම සාධකයකි. එයට හේතුව සිලුමිණ පුවත්පතේ පමණක් මෙවැනි එතුමන්ට විරෝධී ලිපි පළවීම හා වෙනත් කිසිඳු පුවත්පතක එසේ නොවී තිබීමයි. උක්ත ලිපියේ “මහන්ත ආරච්චිගේ රිචඩි පෙරේරා“ යන නම භාවිතා නොවී තිබියදී ඇය පවසන්නේ  “...තම පියා හෙවත් අජන්ත ගේ සීයා (මහන්ත ආරච්චිගෙ රිචඩි පෙරේරා) ප්‍රමුඛ තම ඥාති පරපුර අංගම්පොර සටන් කලාවට සම්බන්ධ අය නොවන බවයි...“. නමුත් පහත අප දක්වා ඇති  ‍"කොරතොට වත"  පුස්කොල පොතේ උපුටනය බලන්න.

මෙය ප්‍රතිචාරයක් ලෙස දක්වා ඇති අතර මෙම ආකාරයෙක් ඕනෑම අයෙකුට සිළුමිණට ලිපියක් ලියා යැවිය හැකිය. නමුත් අප ගුරුතුමන්ගේ පියාට කිසිඳු සහෝදරියක් නැත. ඉන්නවා නම් එය ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරමු. මෙහි සඳහන්  “ඇය ඉහත ලිපියෙන් කියැවුණු මහන්තාරච්චිගේ අජන්ත පෙරේරාගේ නැන්දනියයි“ යන වාක්‍ය බලන්න. මෙම ලිපියේ කතෘවරයා ඒ නැන්දනියම බව දන්නේ කුමන ජාන පරීක්ෂණයක් සිදු කරලා ද? ලිපියක් ලියූ පමණින් එය එවැනි ස්ථීරත්වයකින් කිව හැකිද? අප ගුරුතුමන්ගේ සීයා යනු 1915 කැරැල්ලේදී සිංහලුන් වෙනුවෙන් කොරතොට සෝභිත හිමියන් සමඟ සටන් කළ වීරවරයෙකි. එතුමන් ගැන කොරතොට පන්සලට ගොස් කාට හෝ අවශ්‍ය නම් දැන ගත හැකි ය. මහන්තාරච්චි වාසගම් පැමිණෙන අය අංගම් ශිල්පීන් බවට සාධකයක් පත්තිරු 60කින් යුත් "කොරතොට වත" නම් පුස්කොල ග්‍රන්ථයේ 21 වෙනි පත්තිරුව තුළ ඇති පහත සඳහනින් දැක ගත හැකි ය.

"පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද...."

තමන්ගේ බෑණනුවන්ගේ උපන් වර්ෂය නොදන්නා නැන්දනියක් විසින් කියන්නාවූ මේ චෝදනාවෙන් පෙනී යන්නේ ඇය තමන්ගේ පරම්පරා ඉතිහාසය පවා නොදන්නා බවයි. ඇත්ත වශයෙන්ම දැන ගන්නට හෝ නොදැනගන්නට එවැනි නැන්දා කෙනෙක් ගුරුතුමන්ට නැති වීම තුළ මේ විජ්ජා බලයෙන් මැවූ නැන්දා අඳින්නේ සරමක්ද සායක්ද යන්නත් අපිට නම් ගැටලුවකි.

No comments:

Post a Comment