අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

රන් කඩු පූජාව ආශ්‍රිත චෝදනා


කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේදී අප විසින් පවත්වන ලද රන් කඩු පූජාව සඳහා දේශපාලඥයින් හා නළු නිලියන් සහභාගී වන විට ඇතැම් අයට ඇහේ කටු අනින්නාක් මෙනි. ඒ නිසාවෙන්ම පුවත් පත් කිහිපයකට හා ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකුටම දුරකථන ඇමතුම් දී තිබුණේ “ඕකට යන්න එපා. ඔය කඩුව බොරුවක්. අජන්ත කියන්නේ බොරුකාරයෙක්“ කියාය. ඒ බාදා මධයේ වුවද ආසන මදි වන තරමට අපට ආරාධිත අමුත්තන් පැමිණ සිටියේ ය. (මේ ගැන වැඩි විස්තර rankadupoojava.blogspot.com වෙබ් අඩවියේ ඇත)

කෙසේ වෙතත් මේකට පැමිණ ඇතැම් අය කපු මහතා හමුවූ බවත් කපු මහතා මෙම උත්සාවය මේ වතාවේ පමණක් කළ බවත් කියූ බවත් වෙබ් අඩවිවල සඳහන් කොට තිබුණේ විවිධ චෝදනා එල්ල කරමිනි. වසර 449ක් තිස්සේ අප මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන ආ පූජාව කිරීමට වත් නොදන්නා කපු මහතා අප පරම්පරාව කරන රහස් කටයුතු ගැන දැන ගැනීමට හැකියාවක් නැත. මේ වසර දෙක තුනකට වතාවක්වත් මාරුවන කපු මහත්වරුන් මේ සියල්ල දැන ගැනීමට හැකියාවක් ද නැත. මෙම පූජාව එදා පවා සිදුකලේ අප පරම්පරාවට සම්බන්ධ කපු මහතකු විසින් මිස දේවාලයේ කපු මහතා විසින් නොවේ. 2003 වර්ෂය පමණ වන තුරු රහසිගතව සිටි අප පරම්පරාව මෙවැනි දේ සිදු කළේ ඉතාමතා රහසිගතව වන අතර කපු මහත්තුරු ගැන අපිට තිබූ විශ්වාසය අවම බැවින් ඔවුන්ට සියල්ල දැන ගැනීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් කුඩා කුඩා අඩුපාඩුකම් සොයා ගත් මෙම සහචරයින්ට වසර 500ක් පැරණි රාජසිංහ රජුගේ කාලතුවක්කුව එදින පත්තු කිරීම හෝ 449 වසරකට පසුව රන් කඩුවක් නැවතත් පූජා කිරීම වැනි වැදගත් දේ නොපෙනෙන්නේ නිල මැස්සන් වහන්නේම අශූචි ගොඩේ නිසා විය යුතු ය.

මේ අතර කරන ලද තවත් චෝදනාවක් වූයේ බාගෙට මුහුණ වසාගෙන සටන් කළ බවයි. එයට කදිම පිළිතුරක් ඉහත පින්තූරයේ ඇති නිසා ඇස් පෙනෙන අයට ඉහත පින්තූරයේ සිටිනේ බාගෙන මුහුණ වසාගෙනද නැද්ද යන්න පැහැදිලි වන නිසා වැඩි යමක් කිව යුතු නැත.

කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි නොකරන මෙම චෝදකයින් කියනුයේ අප ගුරුතුමන් නළු නිලියන් හා දේශපාලඥයින් සම්බන්ධ කරගෙන මේ සැරසෙන්නේ  සිනමාවට කවදා හෝ දායක වන්නට බව “...ඔහුකවදා හරි හොඳ සටන් ශිල්පියෙක් ලෙස සිනමාවට දායක වනවා ඇත...“ යනුවෙන් කළ චෝදනාවෙන් පෙනුනි. මෙම චෝදනාව පැහැදිලි හේතුව අර ඌරා ළිඳක් දැකලා නැති ඊයේ පෙරේදා ගාමිණී චිත්‍රපටයේ රඟපාන නළුවා නිසා විය යුතු ය. කෙසේ වෙතත් තම තමන් කථා කරන්නේ තම තමන්ගේ අත්දැකීම්වලට අනුව නිසා අපිට නම් පෙනෙන්නේ තමන්ගේ ගුරුවරයා කළ දේම අජන්ත ගුරුතුමාද කරයි යන සැකය චෝදකයා තුළ ඇති බවයි. එක එක්කෙනාට සිතට එන දෙය චෝදනාවක් ලෙස ඉදිරිපත් කරනවා හැර මේම චෝදනාවට කිසිඳු සාක්ෂි සහිත පදනමක් නැත. තමන්ගේ උත්සවයකට නළුවන් සහභාගී වූ විට ඔහු අනාගතයේ නළුවකු වෙනවා යන්න කුමන පදනමක් සහිත දැයි බුද්ධිමතුන්ට සිතන්නට ඉඩ තබා අටුවා ටීකා ලිවීම නවතා දැමීම හොඳ ය.

කෙසේ වෙතත් දහසකුත් බාදා මැද පැවැත්වූ රන් කඩු පූජාවෙන් ඇතැම් අයට බොහොමනක්ම රිදී ඇති බව නම් අපට පැහැදිලිය. හිතේ අමාරුවට එක එක කතා කියන්නේ ඒ නිසා ය. කෙසේ වෙතත් මේ චෝදනා වැඩි වන්නට පටන් ගත්තේ www.korathotaangam.com නම් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කිරීමත් මේ කියන බොහෝ චෝදනා වලට එම වෙබ් අඩවියේ පිළිතුරු තිබීමත් ය.

No comments:

Post a Comment