අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Thursday, April 5, 2012

වින්ග් චුන් කරුවන්ගේ Shorin Ryu ගේ නොනිමෙන මඩ ප්‍රහාර




අප ගුරුතුමන් විසින් මේ රටේ සැබෑ පාරම්පරික අංගම් ශාස්ත්‍රය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරමින් අංගම්පොර යන උත්තරීතර නාමය භාවිතා කරන්නාවූ අංගම්පොර යයි කියා ගන්නා ගුරුවරුන්ට ලිඛිත මාධ්‍ය හරහා ප්‍රසිද්ධ අභියෝගයක් කළ දිනේ සිට එක එක ජාතියේ වීරයන් බිහිවූ අතර ඔවුන් අතර ව්‍යාපාරික අරමුණ ප්‍රසිද්ධියේ පෙන්වමින් මෑතකදී නොනිමෙන මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේ Shorin Ryu යන අන්වර්ත නාමයෙන් එක්තරා පිටුවක් පවත්වාගෙන යන මුහුණු පොතේ වීරයෙකි. කාලයක් තිසේසේ අප වෙත මඩ ප්‍රහාර එල්ල කළද නිහඬව සිටි අපට දැන් දැන් නම් පිළිතුරක් දීමට අවශ්‍ය වී ඇති බව පෙනේ. ඉසිවර රණකෙලි ටෙලි නාට්‍ය පිළබඳව කර ඇති චෝදනා නාට්‍යයකට ලැබෙන ප්‍රතිචාරයක් සේ සලකා වැඩිමනක් කීමට බලාපොරොත්තු වන අතර මේ ටික පමණක් ඒ ගැන කියමු. අප මීට පෙර නාට්‍ය ගණනාවකම සටන් අධ්‍යක්ෂණය කලෙමු. කිසිම තැනෙක අණබෙර ගැසුවේ නැත. අප කිසිදු තැනෙක ඉසිවර රණකෙලිහි අංගම්පොර තිබෙනවා යයි කියා නැත. අප සාමාන්‍යයෙන් නාට්‍යයක් වැනි යමකින් සැබෑ අංගම් ශිල්පය පෙන්වන්නේද නැත. පෙන්වනවානම් ඒ අංගම්පොර වගේ යමක් මිස අංගම්පොර නොවේ. මෙහි දක්වා ඇති වීඩියෝවේ ඇත්තේ ඉසිවර රණකෙලි නාට්‍යයේ අවසන් කොටසයි. මෙය අධ්‍යක්ෂණය කලේ අප නොවේ. ඒ නිසා කතාව හා සියලුම සිදුවීම් ගැන වගකීමක් දැරීමට නොහැකි ය. විවේචන ඇතිනම් ඒවා ජාතික රූපවාහිනී සංස්ථාවට යොමු කරන ලෙස ඉල්ලමු. කෙසේ වෙතත් මෑති කාලයේ ජාතික රූපවාහිනිය ආදායම් වාර්තා තැබූ නාට්‍යයක් ලෙසත් ලක්ෂ 17කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් බැලූ නාට්‍යක් බවටත් මෙය පත්වී හමාර ය. 

චෝදනා 1 - අප ගුරුතුමන් කරාතේ ශිල්පියෙක් බව

මේ පිළිබඳව ඔහු විසින් අපගේ මෙම බ්ලොගයේ ඇති පින්තූරයක්ම පළ කිරීමෙන් අපහාස කිරීමට පටන් ගත් විට “අප ගුරුතුමන් වෙනත් ගුරුවරුන්ගේ ගෝලයෙකි යන චෝදනාව“ නම් ලිපිය ඉදිරිපත් කළ විට “කිතුල් ගසට නැග්ග මිනිහටත් කීමට දෙයක් ඇත.“ යනුවෙන් එය ප්‍රතික්ෂේප කොට අපහට අභියෝගයක් කළේය. එයට පිළිතුරු ලෙස අප විසින් යෙදූ “ඔබේ අභියෝගය භාර ගැනීමට සූදානම්. කරුණාකර අන්තර්ජාලයෙන් නොව ප්‍රසිද්ධ මාධ්‍ය හරහා අභියෝග කරන්න. නොමැතිනම් ලිඛිතව හෝ වෙනයම් නෛතික පිළිගැනීමක් කළ හැකි අයුරින් එය සිදු කරන්න. අපි අභියෝගය භාර ගැනීමට සූදානම්. ඔබව බ්ලොක් කිරීමට හේතුව ඔබගේ ඉහත ආකාරයේ අසභ්‍ය භාෂාවම බව අවබෝධ කොට ගන්න. අප ඔබට අභියෝග කොට තිබුණේ නැහැ. අප අංගම් ශිල්පීන්ට පමණක් අභියෝග කළෙමු. ඔබට අවශ්‍ය නම් අපට අභියෝග කරන්න.“ යන කොමෙන්ටුවට කීවේ පහත පිළිතුරකි. තරමක් ආඳා න්‍යායේ පිළිතුරකි. එය ඉහත පින්තූරයේ සඳහන් වන අතර එහි කරන ලද කරුණු කිහිපයකි. එම කොමෙන්ටුවෙන් පසුව අප කොමෙන්ටු දැමීම නවත්වන ලද්දේ බාලයන් සමඟ විවාද කිරීම අප වැන්නන්ට නොගැලපෙන බැවිණි.

වෙනත් චෝදනා-

1. “අනික් සටන් කාලවලට ගරහමින් අංගම්පොර සටන්කලාවත් කෙලෙසන නිසා බොළ වගේ පගර නැට්ටන්ව මේ සමාජයෙන් අතුගාලා දාන එක තමයි අප කණ්ඩායමේ ප්‍රධාන අරමුණ

අපේ පිළිතුර-
හැකි නම් අතුගා දමා පෙන්වන්න. ඔබට පමණක් නොවේ අද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට පවා අපව ගැටලුවක් බව දනිමු. එයට හේතුව අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන කාර්යයන් වුවද නිවැරදි නොවේ නම් එය කීමට ඍජුව බිය නොවීම හා එවැන්නන් හමුවට නොයෑමයි. අප සටන් කලාව වෙනත් සටන් කලා වලට වඩා ප්‍රභල බව අප කියමු. එය අනෙක් සටන් කලාවලට කරන අපහාසයක් ලෙස ඔබට පෙනුනද අපට නම් පෙනෙන්නේ නැත.

2.  “ඒ වගේම අපි ලෑස්තියි ඕනෙම වෙලාවක, ඕනෑම තැනක (හැබැයි අර බොලගේ ගදගහන ඌරා වලේ නැතුව. මොකද සිංහයාත් අර ගූ නාගත්තා ඌරව මගහැරියනේ. ඒකයි.) සටනකට. අපේ තැන්වලට ඇවිත් අපේ නිවැරදි සටන් කලාවල රසය බලාගෙන යන්න අපි උබලට ඇරයුම් කරනවා. වැඩිය ඕනේ නෑ. කොලබ එම්.එම්.ඒ. රිංග් එකට එන්නකෝ

අපේ පිළිතුර-
පළමුව ඕනෑම තැනකට එන්න කැමතිය කියන කෙනා පසුව කියන්නේ ඔවුන්ගේ තැනට එන්න කියා ය. මෙයට කියන්නේ අමරා වික්ඛේපවාදය කියාය. අද භාෂාවෙන් කීවොත් ආඳා න්‍යායය.


ඉහත කොමෙන්ටු වාදය අවසන් වූ පසුව අප සිතුවේ මොවුන්ට පිළිතුර දීම නවතා දැමිය යුතු බවයි. කෙසේ වෙතත් එම අදහස වෙනස් කර ගැනීමට තවත් සිදුවීමක් ඊයේ පෙරේදා විය. ඒ “හත්පොලේ ගාගෙන අවසන් වූ 'ඉසිවර මරකෙලි' සහ අජන්තගේ අලුත්ම ගොන් පාර්ට්......“ යන ඔවුන්ගේ ලිපියයි. එම ලිපියේ යොමුව මෙයින් ලබා දෙන්නේ ඔවුන් බලාපොරොත්තු වන ප්‍රසිද්ධිය ලබා දීමට අපට අවශ්‍යතාවක් නොමැති නිසාවෙනි. කෙසේ වෙතත් එය මෙම පින්තූරයේ දක්වා ඇත. ඔහු සභ්‍ය භාෂාවක් යයි කියන මෙම භාෂාව අපි දන්න සිංහලයට අනුව නම් එසේ නොවේ. කෙසේ වෙතත් මෙයට පහත ආකාරයට කෙටියෙන් පිළිතුර දෙමු.

1. “එදා වගේම තාමත් මේ ටෙලිනාට්‍යය (දඬුබස්නාමානය) මාර හිට්. ඒකයි ඇත්ත කතාව. මේක කුළුදුලේ ටෙලිවිෂෝන් එකේ යද්දී මං හිතන්නේ අපේ මේ අන්ගොන් මොහොන්දිරම් අජන්ත මහන්(තා)රච්චි කියාගන්න නොයෙල් අජන්ත පෙරේරා ගොයියත් පුංචි සංදියේ තමා ඉන්න ඇත්තේ. එතකොට මිනිහත් මේක කටඇරගෙන බලාන ඉන්න ඇති මොකක්ද බොල මේක්?? කියාගෙන... මොකද ඒ දවස්වල මිනිහා කොරේ කරාටේ නොවැ....“

අපේ පිළිතුර-
පෙර ලිපියේදී අංගම් ශාස්ත්‍රයට අප විසින් අවමන් කරනවා යයි කියන මොහු මෙහිදී අති උතුම් අංගම් ශාස්ත්‍රය හඳුන්වනුයේ “අන්ගොන්“ කියාය. එය ඔහුගේ සභ්‍ය භාෂාවේදී අපහාසයක් නොවනවා විය යුතු ය. කරාතේ මේ දිනවල අප කළා යන්නට එකඳු සාක්ෂියක් ඉදිරිපත් කරන්න. එය හුදු මඩ ප්‍රහාරයක් නොවිය යුතු ය. වැඩිමනක් පිළිතුරු අප ගුරුතුමන් වෙනත් ගුරුවරුන්ගේ ගෝලයෙකි යන චෝදනාව“ නම් ලිපියේ සඳහන් වේ.

 2.  “ඔන්න ඉතින් ඔය කාලේදී ටකරන් මඩුවල කරාටේ පන්ති කොර කොර හිටපු අපේ නොයෙල් අජන්ත පෙරේරා කියන ගොයියත් දැක්ක මේ අන්ගොන් විප්ලවය. මේ කතාව සරලව තේරුම්ගන්න මේ වීඩියෝ එක බලහල්ලකෝ....
ලින්කුව : http://www.youtube.com/watch?v=7YPIVMdEbcI&feature=endscreen

අපේ පිළිතුර-
මෙයට පැහැදිළි පිළිතුරක් “අප ගුරුතුමන් වෙනත් ගුරුවරුන්ගේ ගෝලයෙකි යන චෝදනාව“ යන ලිපියේ සඳහන් වන නිසා වැඩිමනක් කීමට අවශ්‍ය නැත

3. “ඉස්සහරට ලොවෙත් නැති 'අංගම් මුහන්දිරම්' කියල පට්ටමකුත් දාගන්නවා. මේ පගරනැට්ටගේ අන්(ගොන්)පොරවලට මිනිහගේ කරාටේ මාස්ටර් කරාටේවලට චීන අඩි කෑලි ටිකක් එක්කහු කොරල හදපු 'කරා බල' (සංස්‌කෘත භාෂාවේ වචනයක් වන මෙහි තේරුම 'හස්ත ජවය' යන්නයි.) කියල හදපු ස්ටයිල් එකේ කෑලිත් කොපි කොරගන්නවා. අදටත් බැලුබැල්මටම මේ අජන්ත ගොයියාගේ අන්(ගොන්)පොරවල main bow එක ඇවිල්ල කරාටේ bow එකට ගොඩාක් සමානයි.“

අපේ පිළිතුර-
අංගම් මොහන්දිරම් තනතුර ලැබෙන්නේ කෙසේද එය කුමක්ද නොදන්නා ලොවකට එය ලැබුණේ කෙසේද යන්න පැහැදිලි කිරීමට නොයමු. කෙසේ වෙතත් චීනඩි, හා හස්ත ජවය නැමැති හා කරාතේ ශිල්පයේ කොටස් අප සතුව තිබේ නම් න්‍යායාත්මකව ඔප්පු කරන ලෙස අභියෝග කරමු. ඕනෑම චීනඩි, හස්ත ජවය හෝ කරාතේ ශිල්පියේ අප ගුරුතුමන් සමඟ සටනකට යොදවා සැබෑ අංගම් ශාස්ත්‍රයේ රස බලන ලෙස ඉල්ලමු. අපට බවු නැත. නමස්කාර ඇත. එය කරාතේ වල තිබෙනවා දැයි කරාතේ කරන අය දනී. මන්ද දෑත් එකතු කොට වැඳීමේ ආකාරයන්ගෙන් නමස්කාර කරාතේ වල නැත. අපගේ නමස්කාරය මොහු දැක නොතිබෙනවා විය යුතු ය.

4. “ඔන්න ඕකත් එක්ක තමයි අපේ මේ කතාවේ හිට්ම කෑල්ල තියෙන්නේ. උබල බලහන්කො. ඔය වීඩියෝ එකේ අපි දාපු කමෙන්ට් එකකුත් තියෙනවා. ඒත් කමෙන්ට් එක දාන්න හේතු වුනු මුන්ගේ හෙළුවැල්ල මාට්ටු උන උන්ගේ කමෙන්ට් උන් දැන් ඩ්ලීට් කොරල තියෙන්නේ. මුන් කොහොමත් තමන්ගේ රෙද්දේ පහරගෙන 'මම නෙමෙයි පැහැරුවේ' වගේ කියන ජාතියක් නොවැ. බය වෙන්න එපා කොලානේ. අපි ගාව ඒකෙ ප්‍රින්ට් ස්ක්‍රීන් තියෙනවා.“


අපේ පිළිතුර-
ඉහත වීඩියෝවට වරක් අප යෙදූ අප අංගම් ශාස්ත්‍ර ඉතිහාස කරුණක් ගැන කතා කරන මොහුට දිය යුතු පිළිතුර එහි ලබා දීමෙදී ඔහු විසින් යෙදූ අසභ්‍ය කොමෙන්ටුවක් මැකීමට යාමේදී අප අතින් මැකී ගිය කොමෙන්ටුවක් සම්බන්ධව හා එය පිළිතුරක් සම්බන්ධව ගැටලුවක් මින් පසු මොහු මඩ ගසයි. ඒ ලෙව්කේ දිසාවගේ කාලයේ අප ශාස්ත්‍රයේ ආභාෂ්‍ය මුවායි තායි සටන් ශාස්ත්‍රයට ගිය බව අප කියූ අදහසයි. එයට අසභ්‍ය ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ ඔහුට සාක්ෂි සහිතව ලබා දුන් පිළිතුරට  පිළිතරු නොදී මෙහි අපහාස කිරීම ඍජු කෂේරුකාවක් නොමැති වී මිස අන් කවරක් නොවේ. ඒ පිළිබඳව වැඩිමනක් විස්තර එහි සියලුම කොමෙන්ටු අධ්‍යයනය කිරීමෙන් හැකි වනු ඇත. ඒ නිසා වැඩිමනක් ඒ ගැන කියන්නේ නැත. අප කියනු ලබන කරුණ සම්බන්ධව ඔප්පු කළ හැකි සාක්ෂි අප සතු වන අතර අවශ්‍ය කෙනෙක් සිටී නම් අප ගුරුතුමාව හමුවීමට කොරතොටට පැමිණෙන ලෙස ඉල්ලමු. ඒ සඳහා අන්වර්ත නාමයන්ගෙන් පෙනී සිටිමින් පරිගණකයක් ඉදිරියේ සිට මඩ ලිපි සකස් කිරීමට වඩා ආත්ම ශක්තියක් අවශ්‍ය වනු ඇත.

5. “ මොනවා උනත් මේ කතාව ඉවර කොරන්න කලියෙන් මේ ටිකත් කෙටියෙන් කියල ඉවරකොරන්න ඕනේ. මේ 'අංගම්හොරු හෙළිදරව්ව' කොරන අංගම්පොඩි හෙවත් බුදුදහම අමු අමුවේ විනාශ කරන 'සිරිවර්ධන' වේශ පුත්‍රයාගේ ඉත්තෙක්‌ වන 'දුමිඳු නයනජිත්' නැමැත්තා හා 'අජන්තගේ ඇගේ මැඩිල්ල' අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා කියල එකෙන්ම පැහැදිලියි.“

අපේ පිළිතුර-
අංගම්හොරු කරන කෙනාගෙන් එය ඇසිය යුතුය. අපිට අදාල නැත. මෙතරම් විස්තර දන්නා ඔහුට අංගම් හොරු එකටම ලියා එය පැහැදිලි කර ගන්නා ලෙස ඉල්ලමු. අපට කා හට හෝ මඩ ගැසීමේ අවශ්‍යතාවක් නැති අතර අංගම්හොරු එකෙහි ඇති ඇතැම් කරුණු හා අපද එකඟ වන (සියලුම කරුණු නොවේ. එහි ඇති අපහාස කිරීම්වලට එකඟ නොවෙමු) අතර එහි අයිතිය අපට උරුම කර ගැනීමේ නීච ආශාවක් අපට නැත. එයින් කාට හෝ පහර වදින විට අපට ඍජු ඇඟිල්ල දිකු කිරීම සෑමදාම සිදු වූ දෙයකි. අප අංගම්හොරු හි කතෘවරුන්ට කියනුයේ කරුණාකර මෙම චෝදනාවට පිළිතුරු දී අප ඔබට යවා ඇති ලිපි සලකා බලා අප හමුවීමට ඍජුව පැමිණ අප සතුව නිවැරදි අංගම් ශාස්ත්‍රය තිබේද නැද්ද යන්න ඌරා ළිඳේ සටනක් කොට බලන ලෙසයි. ඒ මිසි මෙවන් චෝදනා අපට එල්ල වන ලෙස කටයුතු නොකරන ලෙසයි. අප කිසිවෙකුටත් මඩ නොගසා මේ රටේ ප්‍රසිද්ධ කවරෙකු වත් අංගම් ශාස්ත්‍රය නොදන්නා බව විවෘත අභියෝගයක් කොට ඔප්පු කරන ලදී. තවදුරටත් අපට කාට හෝ මඩ ගැසීමේ අවශ්‍යතාවක් නැත. අප එයට සම්බන්ධ යයි ඔබ සිතන්නේ නම් කෙස් කැඩෙන තර්ක ඉදිරිපත් නොකොට සාක්ෂි සහිතව ඔප්පු කොරන ලෙස ඉල්ලමු.


6. “*'අජන්ත පෙරේරා' යනු අමු හොරෙකි.
*'ඇත් අඩි' නම් සටන් කලාවක් ලොවෙත් නැත.
*අංගම්පොර හා මුයේ තායි අතර කිසිදු සබදතාවයක් නොමැත. මුයේ තායි පැවත එන්නේ පෞරාණික වූ 'මුයේ තායි බෝරාන්' නැමති සටන්කලාව ඔස්සේය. එය පැවත එන්නේ අංගම්පොරවලටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති 'බොකාටොර්' නැමැති අති පෞරාණික වූ සටන් කලාව තුලින්ය. එවැන්නක් ගැන අජන්තයා සහ උගේ අසූචි කල්ලිය අසාවත් නැත. දැනගන්නවානම් ඒ මෙය කියැවීමෙන් අනතුරුවය.
*මුයේ තායි සටන් කලාව තායි වැසියන්ගේ සටන් කලාව වන අතර 'ජා' ජාතිකයන් යනු 'තායි' ජාතිකයන් නොවේ. 'ජා' ජාතිකයන් වෙසෙන්නේ 'ජාවා' දූපත්වලය.
*හෙලුව වසා ගැනීමට මේ ඇගේ මැඩිල්ලන් මුලදී උත්තමයෙක් ලෙස පිළිගන්නා ලෙව්කේ දිසාවව පසුව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසයි.
(සැ.යු. බොරු ඔරුව නම් ඒ ඇගේ මැඩිල්ලයි.)“

අපේ පිළිතුර-
අමු හොරෙක් වන අප පහත ඔබට කරන අභියෝගය භාර ගන්නා ලෙස කියමු. එවිට ඇත් අඩි ශාකයේ ප්‍රභලත්වයත්, මුවායි තායි පිටපත් කළ සින්දුවේ පහරවලුත්, ජාවා දූපත්වල නැති ජා ජාතිකයින්ගේ සටන් කලාවලුත්, අභිබවා අප සතු සැබෑ ශාස්ත්‍රය යන බව තේරුම් ගැනීමට අප විනාඩියකින් අවස්ථාව ලබා දෙමු. ලෙව්කේ දිසාව අංගම් ශාස්ත්‍රයේ ඉහළටම ගිය අයෙක් ලෙස අගය කරන අප ඔහු කළ විනය විරෝධී ක්‍රියාව එසේම කියා ඇත. එය කීමට අපට කෂේරුකාවක් තිබේ. එයට අප සතුව සාක්ෂිද තිබේ. අම්මා මුත්තා කළද නිවැරදි දෙය නිවැරදි බවත් වැරදි වැරදි බවත් ප්‍රකාශ කිරීම හෙළ අංගක්කාරයන්ගේ හැටි ය. එය වෙනස් කිරීමට අන්තර්ජාල වීරයන්ට බැරිය.

Shorin Ryu යනු කවුද?

අන්වර්ත නාමයෙන් සිටින මොහු කවුදැයි අපි දනිමු. එයට සාක්ෂි මෙම පින්තූරයේ ඇත.  මෙහි ඇති ප්‍රමීල් නවීන්ද්‍ර යන එක්තරා චීන සටන් කලාවක ගුරුවරයා හා එයට සම්බන්ධ ජෙරාඩ් නම් පුද්ගලයන් දෙදෙනා මෙම මුහුණු පොතේ අපට අපහාස කරන මෙම එකතුව පවත්වාගෙන යන බවට ජෙරාඩ් යන පුද්ගලයා වැඩකරන තැන ලෙස එම එකතුව යොදා තිබීමෙන් හා එම එකතුවේ ඇඩ්මින් කෙනෙකු ලෙස ගොස් ප්‍රමීල් යොදා ඇති කොමෙන්ටුවන් ඔප්පු වේ. මේ අතර කරුණාපාල නම් චීනඩි (අංගම්පොර යයි කියා ගන්නා) ශිල්පියාගේ ගෝලයෙකුද මෙයට ලයික් එකක් යොදා ඇත. ඔහු මෙයට ඍජුව සම්බන්ධ යයි අපි නොදනිමු. කෙසේ වෙතත් මේ පිරිසට අප පහත පරිදි අභියෝග කරමු.

අපගේ අභියෝගය
 
 අප මින් පෙර අභියෝග කළේ අංගම්පොර යයි කියා ගන්නා ශිල්පීන්ට ය. එම නිසාවෙන්ම ඔවුන්ට ඌරා ළිඳේ සටනකට අභියෝග කළෙමු. කවුරුත් ආවේ නැත. එක එක කතා කීවාහුය. අදටත් කියන්නාහු ය. ඒවා අපට අදාල නැත. ඔබ පිරිස දන්නේ චීන සටන් කලාවක් නිසා අප ඔබට අප අංගම් මඩුව තුළ ඔබ කැමත ඕනෑම තැනක (ඌරා ළිදේ හැර) අප හා සටන් කරන ලෙස අභියෝග කරමු. අපට අමාරුවක් නැති නිසා ඔබලාගේ “රින්ග්“ වලට එන්නට අවශ්‍යතාවක් නැත. නමුත් ඔබලා දෙදෙනා මෙම අභියෝගය භාර නොගන්නේ නම් ඔබලා සටන් උගන්වන තැනටම පැමිණ සටන් කිරීමක් වුවද සිදු විය හැකි බවද මතක් කරමු. ඒ දිනේට ඔබ අදහන දෙවියෙකුගේ පිහිට පතන්නට සිදු වීමටද සිදු වනු ඇත. මෙහි සඳහන් පුද්ගලයන්ට ඔබ කැමති දිනයෙක ඕනෑම ගණනක් සටන් කරුවන් ප්‍රමාණයක් ගෙන කැමරාවක්ද මතක ඇතිව ගෙන පැමිණෙන ලෙසත්, අපත් එදාට එය කැමරාගත කරන බවත් මතක් කරමු. එම නිසාම අපි ගියා කවුරුත් හිටියේ නැහැ, අපි උන්ට හොඳටෝම ගැහුවා, උන් අපිට බයේ දිව්වා ආදිය කීමට ඉඩක් නැත. මන්ද අප ගුටි කන ලද වීඩියෝව අන්තර්ජාලයට ඉදිරිපත් කළ යුතු ය. මොවුන්ට අප හා සටන් කිරීමට නොව පැමිණීමට හෝ කෂේරුකාවක් තිබේ නම් පැමිණෙන ලෙස අභියෝග කරමු. පැමිණියහොත් එහි පින්තූර හා වීඩියෝ අන්තර්ජාලයේ මෙම බ්ලොගයේ හා අපගේ Angampora Sri Lanka නම් මුහුණු පොතේද ප්‍රසිද්ධ කරන බව ප්‍රකාශ කරමු. අන්වර්ත නාම වලින් පෙනී නොසිට, අන්තර්ජාලය ඉදිරියේ මඩ ගසමින් කටයුතු නොකොට ඍජුව අප හා සටන් කිරීමෙන් විනාඩියක් ඇතුළත ඔබලාට සිහි නැතී වී යන්නට පහර දෙන බවට මේ කරනු ලබන අභියෝගය භාර ගන්නා ලෙස අභියෝග කරමු. 




12 comments:

  1. “මාහට අභියෝග කර ඇති කොරතොට අජන්ත ගුරුවයාටයි. ඔබ මාගේ පන්ති පවත්නව තැන පැමිණ තත්ත්පර 30ක් ඇතුළත සිහිනැතිවීමට පහර දෙන බව පවසා ඇත. හැකිනම් එය කර පෙන්වන ලෙස මම ඔබට කියමි.“ ආදී ලෙස මෙයට ප්‍රතිචාර දක්වා ඇති ප්‍රමීල් නැමැත්තා තමන් පන්ති කරන තැන් ටික ද එහි සඳහන් කොට ඇත. ඒ තමාගේ ව්‍යාපාරික අරමුණ නිසා එය මෙහි නොදමමු. එම වෙළඳ දැන්වීමෙන් පසුව ඔහු කියා ඇත්තේ

    "කාලය වෙන්කරගන්න දුරකථන ඇමතුම් අවශ්‍ය නැත මම ඉහත සඳහන කර ඇති ඕනෑම වෙලාවක ඔහුට පැමිණිය හැක. තව දෙයක් මාහට විරුද්දව යමක් ප්‍රකාශ කරනවා නම් එය මාහට ද දැකීමට හැකිවන පරිදි දමන ලෙසත් එය පාලුගෙවල්වල වළං බිඳින ක්‍රමයට නොදමන්න යැයි පවසමි. ඔබ ගේ ශිශ්‍යයන් නොව ඔබගේ පැමිණීම ම මම බලාපොරොත්තුවෙමි“ යන්නය.

    එහි තේරුම ඔහු අභියෝගය නිවැරදිව කියවා නැත යන්නයි. මෙම බ්ලොගය ඕනෑම අයෙකුට කියවිය හැකි අතර එන්න කියා ඇත්තේ අපේ තැනටය. ඔවුන්ගේ තැනට එන්නට කියා ඇත. ඔබ කතාවම පසුගිය අංගම්පොර යයි කියා ගන්නා අයට කළ විටද විය. තමන්ගේ තැනට එන්න කීමය. අපට අමාරුවක් නැත. ඒනිසා එන්නට උවමනාවක් නැත. එසේ නොවිය හැකි නොවන්නේද නැත. කෙසේ වෙතත් කොන්ද පණ තිබෙනවා නම් අපේ තැනට ඒම සටන් කරුවෙකුට බැරි විය නොහැකි ය. එම නිසා මෙය බියගුලු ප්‍රකාශයක් ලෙස ඉවත් කරමු..

    ReplyDelete
  2. මුලින්ම අභියෝගය එල්ල කරේ අපිය. එහිදී පැහැදිලිවම අප එම සටන් සිදුවිය යුතු ස්ථාන පවසා ඇත. බියගලු ප්‍රකාශ සැමවිටම කරන්නේ තමුන්ය. තමුන්ට අපගේ ස්ථානවලට පැමිණිය නොහැකි නිසා පොදුවේ සැමදෙනාටම සටන්වැදිය හැකි කොලබ MMA වළල්ලට අභියෝග කරේ ඒ නිසයි. නමුත් අප පන්ති පැවැත්වෙන ස්ථානයන්ට වුවද, පැමිණ අප සමග සටන් වදිනවා යැයි වහසි බස් කීවේ තමුන්ය. කෙසේ නමුත් දැන් එයද ඔබලා ප්‍රතික්ෂේප කරන්නෝය. එක හෙලාම සටන සිදුවිය යුත්තේ සිෆු ප්රෙමිල් සදහන් කල ආකාරයට ගුරු අජන්ත සමගම පමණි. එම සටන සාධාරණ, වංචනික නොවන සටනක් විය යුතුය. තත්පර 30න් සිහි නැති කරනුයේ ක්ලොරෝෆෝර්ම් ස්ප්‍රේ කිරීමෙන් නම් එය වලංගු නැත. සැබෑ සටනේ කිසිදු නීති රාමුවක් නැත. ඇති එකම නීතිය වන්නේ 'නීතියක් නොමැත' යන්නයි. මන්ද, වින්ග් චුන් සටන් ශිල්පය යනු ක්‍රීඩාවක් නොවන නිසාවෙනි.

    ReplyDelete
  3. සැබෑ යථාර්ථය, මන් හිතන්නේ ඔබට සිංහල තේරෙන්නේම නැහැ . නිකම්ම නිකම් මුහුණු මොතේ එකවුන්ට් එකකින් කරන අභියෝග අපිට අදාල නැහැ. අදාල කර ගන්නේත් නැහැ. අපි අභියෝග කොට තිබනේනේ අපේ නෛතික තොරතුරු එනම් ලියාපදිංචි අංකය පවා ඇති බ්ලොග් අඩවියකයි. එම නිසා එය හා එයට ප්‍රමීල් දුන් පිළිතුරත් පමණක් මෙතනට අදාලයි. අපියි අභියෝග කලේ කියා කියන එනම් “අපි“ කියන සන්ධර්භයේ නෛතිකත්වය මට පැහැදිලි කරන්න. අන්වර්ත නමකින් හදපු පුහුණු පොතේ පිටුවක් නෛතික වන්නේ කොහොමද? ඒ නිසා අභියෝගය තවමත් විවෘතයි. භාර ගන්න. බැරි නම් බැහැ කියන්න. භාර ගන්නවා කියන්නේ අපේ තැනට ඇවිල්ලා අපිට ගහලා අපි බොරු කාරයෝ කියා ලොවට ඔප්පු කරන එකට. (ඔබලාගේ මුහුණු පොතේ මෙයම අප විසින් යෙදූ අතර එම කොමෙන්ටුව මකා දමා ඇත. එනිසා එය නැවතත් මෙහි පල කරමු.)

    ReplyDelete
  4. අපූරු කොමෙන්ටුවක් ඉදිරිපත් කරන සැබෑ යථාර්ථයේ යාළුවා මෙසේ කියයි.

    “පිස්සන් රැලක් සමග පුහු වාදයකට පැටලී ඔබගේ දැනුමට යමක් එක් කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් අපගේ කනගාටුව!!! ඒ කෙසේ නමුත් උක්ත අභියෝගයේ ජයග්‍රහණය නිතරගයෙන්ම අප සිෆු ප්රෙමිල් මහතා සතු වන බව මේ මොහොතේදී බුද්ධිමත් ජනතාව වටහාගෙන අවසන්ය.“

    අභියෝගයක් කළ විට අභියෝග භාර ගැනීම පසෙකලා අපේ තැනට එන්න යයි කියන මොවුන් මේ කියන මෙවැනි බියගුළු ප්‍රකාශ විශ්වාස කරන බුද්ධිමත් ජනතාව සිටින්නේ චීනයේ විය යුතු ය. ලංකාවේ නම් එවැනි මුග්ධයන් තවමත් බිහි වී නොමැත. එසේ බිහිවී සිටිනවා නම් සුද්දෙකුට කොහෙන් හෝ සටන් කලාවල ඇබිත්තක් අහුලාගෙන විත් දස දහස් ගණනින් ජාතික වීරයන් බිහිකළ සටන් කලාවක් පහත් කොට තකන මෙවන් අධමයන් සුළු පිරිසක් පමණි. මේ අතර දැනුමට යමක් එක්කරන්නේ අපට මඩ ගැසීමෙන් හෝ ප්‍රමීල්ගේ වෙළඳ දැන්වීමක් දැමීමෙන් හෝ නොමැතිනම් කාගේ හෝ බ්ලොක් ලිපියක් පිටපත් කිරීම හෝ අනුන්ගේ වීඩියෝ දැමීම මගින්ද?

    මොවුන් විසින් කර ඇති තවත් ප්‍රකාශයක් වන්නේ “සැබෑ අංගම් ශිල්පීන් දිවිහිමියෙන් රකිනා සේම නුබලා වැනි අංගම්හොරුන් සමාජයෙන් අතුගා දැමීම අපගේ කර්තවයයි.“ යන්නයි.

    අනේ අපිට එක අංගම් ශිල්පියෙක් පෙන්වන්න. අපිටත් ආසයි බලන්න. අපිට තිබෙන ප්‍රශ්නයත් සැබෑ අංගම් ශිල්පීන් සොයාගැනීමට නොමැති වීමයි. එසේ සිටිනවා දැයි බැලීමට තමයි අපි අංගම් ශිල්පීන් යයි කියා ගන්නා අයට විවෘත අභියෝගයක් කළේ. එයින් දැනටත් ලෝකයට ඔප්පු වී හමාරයි වෙනත් සැබෑ ශිල්පීන් නොමැති බව.

    කොන්ද පණ තිබෙනවා නම් එන්න. ප්‍රමීල් බොරුවට අපේ තැනට එන්න ආවොත් අපේ කලාවේ රසය පෙන්වන්නම් කියන්න එපා. පිරිමියෙක් වගේ ඇවිත් අපි සමඟ සටන් කොට අපි අංගම්පොර දන්නේ නැත, අපි දන්නේ කරාටිය. කියා ඔප්පු කරන්න. ඒ අමාරුව තිබෙන්නේ ඔබලාටය. මා කලිනුත් ඔබලාට දැනුම් දුන්නා වගේ අමාරුව ඇති කෙනා ලෙඩේ සනීප කර ගත යුතු ය. සනීප කර ගන්නට නම් වෙදා ළඟට යා යුතු ය.

    ReplyDelete
  5. සැබෑ යථාර්ථයේ යාලුවාට කට උත්තර නැති කරමින් මේ සම්බන්ධව සිදුවූ මුහුණු පොතේ විවාදය. (මෙහි ඇතැම් කරුණු ඔවුන් විසින් මකා දමා ඇති නිසා අප සතු පිටපත මෙසේ ඉදිරිපත් කොට ඇත)

    http://www.flickr.com/photos/76972616@N02/6909819060/in/set-72157629765525259/lightbox/

    ReplyDelete
  6. ප්‍රමීල් නවීන්ද්‍ර මහතාට ඇඟේ මැඩිල්ල රණපිලෙන් කරන දැනුම් දීමයි.

    http://www.flickr.com/photos/76972616@N02/6910416798/lightbox/

    ReplyDelete
  7. ගරු ප්‍රමීල් නවීන්ද්‍ර මැතිතුමනි,

    අප විසින් 22 වන ඔබ ආයතනයට පැමිණ කිරීමට නියමිත සටන සම්බන්ධවයි.

    ඔබගේ කණ්ඩායමේ Shorin Phoenix Ryu හෝ Shorin Ryu යන නම්වලින් පෙනී සිටින පුද්ගලයා විසින් ගාලු මුවදොර පිටියේදී සටනකට අභියෝග කොට ඇත.

    එයින් ඔබ හා අප අතර පැවැත්වීමට නියමිත උක්ත සටනේ නීත්‍යානුකූලභාවය පිළිබඳව සැකයක් ඇතිවී ඇත. එනම් ඔබ සියලු දෙනා අපට අභියෝග කලේ රස්තියාදුකාර ගහ ගැනීමක් ලෙස සිතා සිටිනවා විය යුතු ය. එවන් රස්තියාදුකාර ගහගැනීම් අප සටන් කලාවේ නැත. එසේත් නොමැතිනම් නෛතිකව අප ගුරුතුමන්ව අපහසුතාවයට පත් කරන කුමන්ත්‍රණයක් විය යුතු ය. අප භාර ගනු ලැබුවේ සටන් කිරීමක් මිස ගහ ගැනීමක් නොවේ. එනම් නීත්‍යානුකූල හා න්‍යායාත්මක සටනකට ය. අංගම් සටනේ සටන් පැවැත්වෙන්නේ ගෞරවාන්විතව හා නීත්‍යානුකූලව ය. එම නිසා අඩුම වශයෙන් 21 වන දින වන විටවත් උක්ත සටන පැවැත්වීම සම්බන්ධ නීතිමය ලියකියවිලිවල පිටපත් අප වෙත ලැබෙන්න සලස්වන්න.

    මෙයට,
    ඇඟේ මැඬිල්ල රණපිල

    ReplyDelete
  8. අද වන විටත් කිසිදු නෛතිකත්වයක් පසක් කළ හැකි ලියවිල්ලක් අප වෙත ලබා දී නැත. එම නිසාවෙන් මෙම සටනට අප පැමිණෙන්නේ නැත. මේ පිළිබඳව පැහැදිලි කිරීමේ ලිපියක් ඉදිරියේදී ලියවේ.

    ReplyDelete
  9. ඇදුරුතුමනි,

    මගේ ප්‍රියතම සටන් කලාව "වින්ග් චුන්" සටන් කලාවයි!

    මගේ පෞද්ගලික විශ්වාසය අනුව ලංකාවේ ප්‍රසිද්ධියේ පෙනී සිටින අංගම් ගුරුවරු අතර සැබෑම අංගම් ඇදුරු ඔබතුමා බවයි!

    කුන්ග් ෆු, වින්ග් චුන්, ජූඩෝ, කරාටේ, බොක්සින් ඇතුලු අනෙක් සටන් කලා පිලිබඳව ඔබතුමාගේ මතය කුමක් ද?

    එම සටන් කලාවන් වලට ඔබතුමා ගරු කරනවා ද?



    ජයි හෝ!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අවබෝධයට ස්තූතියි. ඔව් අපි අනෙකුත් සටන් කලාවන්ට ගරු කරනවා. නමුත් ලොව සියලුම සටන් කලාවලට වඩා ප්‍රභල සටන් කලාව අංගම්පොර යයි කියනවා. එය අනෙකුත් සටන් කලාවන්ට ගරු නොකිරීම නොවෙයි. අපගේ අභිමානය ප්‍රකාශ කිරීමකි.

      Delete
  10. ආයුබෝවන් බණ්ඩාර !

    'දුමුදු නයනජිත්' යනු කවරෙක්ද? 'අන්ගම්පොඩි' නමින් හැදින්වෙන්නේ ඔහුද?

    ස්තූතියි! (ඔබෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි )

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව නම් අපි යමක් දන්නේ නැහැ. එමනිසා ඍජුවම පිළිතුරක් ලබාදිය නොහැකියි.

      Delete