අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Friday, August 31, 2012

අංගම්හොරුන්ගෙත් හොරාගේ චෝදනා එකතුව

අංගම්හොරුන්ගෙත් හොරු යනුවෙන් මුහුණු පොතක් පවත්වාගෙන යනු ලබන අංගම්පොර යයි කියාගන්නා අයෙකුගේ පුත්‍රයෙකු විසින් කරනු ලබන චෝදනා හා ඔහු පිළිබඳව හෙළිදරව් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

ගලක් වන වේද බල්ලේකු   ලෙව්වාට
විලක් බොර වේද බොල් පිනි   බෑවාට
ගිරිකුලු පහත් වෙද බල්ලෙකු බිරුවාට
බැරිදේ පුලුවන්ද දත්මිටි         කෑවාට



අංගම්හොරුන්ගෙත් හොරු යන නමින් පෙනී සිටිමින් තමන් අංගම්පොර දන්නා කෙනෙකු මෙන්ම අංගම්පොර නොදන්නා අය ගැන තොරතුරු සමාජය හමුවේ තබන පර්යේෂණ කණ්ඩායමක් ලෙස පෙනී සිටින මෙම අදිසි පුද්ගලයා විසින් වරින් වර විවිධාකාරයේ චෝදනා අප ගුරුතුමන් හා අප අංගම්පොර සම්ප්‍රදායට එල්ල කරමින් සමාජය අතර අප ගුරුතුමන්ගේ කීර්තිනාමයට අපහාස කිරීමට දැඩි උත්සාහයක් ගන්නා නිසාවෙන්ම මෙම ලිපිය ලියැවෙන අතර නිහඬතාවයෙන් අප සාවද්‍ය යයි යමෙකුට ගම්‍ය වීම වැලැක්වීමද තවත් අරමුණකි. එය කෙසේ වුවද ඉහත පද්‍යයෙන්  කියවෙන්නාක් මෙන් බල්ලෙකු බිරුවාට ගිරිකුලු පහත් වන්නේ නම් නැත. එද පටන් අද දක්වාම මේ රටේ බිහිවුණ ශ්‍රේෂ්ඨතර පුද්ගලයින්ට අභිමන් දක්වන සිංහලයන් මෙන්ම රාවණා වැනි ශේෂ්ඨයින්ට පවා විරුද්ධවෙමින් එතුමන්ලා ගමන් කරන්නාවූ දේශ හිතෛශී ගමන වැලැක්වීමට මැදිහත් වූ විභීශනලා බිහිවූයේදී මේ භූමියෙන්ම වීම අප රට උරුමයෙන්ම ලත් අභාග්‍යයකි. ඒ අභාග්‍ය අප ගුරුතුමන්ටද එතුමන් තම සටන් පරම්පරාව හා තම සටන් හැකියාවන් සමාජය හමුවේ තබමින් අනේකවිධ චෞරයන් අතරේ නිවැරදි අංගම් ශාස්ත්‍රය පසක් කරන්නට ගත් දා පටන් උරුම වීම අරුමයක් නොවේ.


අංගම්හොරුන්ගෙත් හොරා යනු කවුද?

අන්තර් ජාලයත් නිවැරදි ලෙසම කිවහොත් අප සමාජය වගේමය. නිවැරදි දේ මෙන්ම වැරදිදේද උලුප්පා පෙන්වීමට එය මනා උපකරණයකි. සුවිශේෂී ලෙසම කිවහොත් ඍජු කෂේරුකාවක් නැති නපුංසකයින්ට එය වඩාත් යෝග්‍ය වන්නේ හැංගි මුත්තන් කරමින් මහා ප්‍රවාද ගොඩනැගීමට හැකි නිසා ය. අප ගුරුතුමන්ට එදා පටන් අද දක්වාම කරනු ලබන සියලුම චෝදනා එල්ල කරනු ලබන්නේ මෙවැනි නපුංසකයින් විසින් වන අතර තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට ඔවුන්ට ඇති බියම අප ගුරුතුමන්ගේ තේජස මොනවට විදහා දක්වයි. එය එසේ වුවද අංගම්හොරුන්ගෙත් හොරා සොයා ගැනීම අපට එතරම්ම අපහසු වූයේ නැත. එයට මනා රුකුලක් වීමට අපට ඔහු විසින් අන්තර්ජාලය හරහා කරන චෝදනා ගොන්නේ පළමු චෝදනා කිහිපයම ප්‍රමාණවත් විය.

සාක්ෂි අංක 1 - “දක්ෂතම අංගම් ශිල්පියා?“


යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය නමින් සනෙත් රජින්ද මාතෝස් නම් බාල ගනයේ සටන් ගුරුවරයෙකු යයි කියා ගන්නා අඳබාලයා විසින් වරක් ඔහුගේ බාල පිටුවේ අසා තිබූ පැනයක් වූයේ “සැබෑ හෝ බොරු හෝ 'අංගම්පොර' යැයි කියාගන්නා ගුරුන් අතරින් අපගේ විවේක බුද්ධියට අනුව දක්ෂතම පුද්ගලයා කවුද?“ යන්නයි. එයට පිළිතුරු සපයන පුද්ගලයන් කිහිප දෙනෙකි. ඒ අතරින් කරුණාපාල නම් අංගම්පොර යයි කියාගන්නා චීනඩි ගුරුවරයාට තම ඡන්දය ලබා දුන් එකම එක පුද්ගලයා වන්නේ අප කතානායක අඳබාලයා ය . 


සාක්ෂි අංක 2 - “අංගම් හොරුන්ගෙත් හොරු ගැන කටකතා පැතිරවීම“


අපේ පැරැන්නන් කියූ අපූරු කියමනකි. “එනම් හොරා හොයා ගැනීමට බැරිනම් සොරකමක් සිදුවූ බව නොහඟවා සිට බලන්න. එවිට හොරාගේ කටින්ම හොරකම එලියට ඒවී.“ මෙම සනාථන ධර්මය පසක් කරමින් අපගේ නිහඬතාව දරාගැනීමට නොහැකිවූ අංගම්හොරුන්ගෙත් හොරා තමන්ගේ පෞද්ගලික මුහුණු පොත භාවිතා කරමින් අන්තර්ජාල කටකතා පැතිරවීමෙන් තමන්ගේ හොර මුහුණු පොත ප්‍රසිද්ධ කර ගැනීමට ගත් උත්සාහයක් අපට සොයා ගත හැකි වූයේ එම කතාවට සම්බන්ධ වූ අනෙක් පාර්ෂවකාරිය අපට එය අප වෙත එවා තිබූ නිසාවෙනි. එය එසේ වුවද මෙම සාක්ෂියේ නිරවද්‍යතාව තවදුරටත් පසක් කරනුවස් අප විසින් මෙම කටකතා පතුරුවන්නාගේ මුහුණු පොත පරීක්ෂණයට භාජන කළ අතර එහිදී මෙම පුද්ගලයා අංගම්හොරුන්ගෙත් හොරු නම් මුහුණු පොතේ සාමාජිකයකු නොවන බව සොයා ගන්නා ලදී.

















මෙහි වම් පස ඇති පින්තූරයේ සදහන් වන තොරතුරු මෙසේ විශ්ලේෂණය කළ හැකි ය. තුසිත නම් පුද්ගලයා මෙම පණිවිඩ හුවමාරුවේදී අංගම්හොරුන්ගෙත් හොරු ගැන සඳහන් කරන්නේ එය දැක්කේ නැති දැයි අසමිනි. එනම් එහි වක්‍රාකාර තේරුම වන්නේ තමන් එය දැක ඇති බවකි. තමන් එය දැකීමට නම් තමන්ගේ මුහුණු පොතේ සාමාජිකයෙකු බවට අංගම්හොරුන්ගෙත් හොරා පත්විය යුතුය. එසේ නොමැතිනම් අවම වශයෙන් ඔහු විසින් පවත්වාගෙන යනවා යයි උපකල්පනය කළ හැකි ඔහුගේ අංගම්පොර නමින් පවත්වාගෙන යන චීනඩි පන්තියේ (කලායතනයේ) මුහුණු පොතේ හෝ සාමාජිකයෙකු විය යුතුය. මන්ද අංගම්හොරුන්ගෙත් හොරාගේ පුද්ගලික තොරතුරු හෙළිකිරීමේ දත්ත (Privacy settings) වලට අනුව ඔහුට එය දැකීමට හැකියාවක් නැත. මේ අනුව තුසිත නම් පුද්ගලයා මෙම කාන්තාව හා කරන පණිවිඩ හුවමාරුවට අදල තොරතුරු දැන ගත්තේ කෙසේ දැයි ගැටලුවක් මතුවේ.  කෙසේ වෙතත් මෙම පණිවිඩ හුවමාරිව අවසානයේ ඔහු විසින් කරන “මගේ ලඟ මුගේ සේරම වීඩියෝ සහ ෆොටෝ තියෙනවා. මට ඒවා දුන්නේ එයාගේ මාස්ටර් තමා. “ යන ප්‍රකාශයෙන් මෙම වීඩියෝ හා පින්තූර එකතු කරන්නා  තමා බව ඔහු පිළිගනියි. මේ අතර ඇය මෙම කටයුත්ත ගැන ප්‍රකාශ කරන විට එහි ගෞරවය තමාට හිමිබව වචනයෙන් නොකියා හඟවයි.


සාක්ෂි අංක 3 - “කරුණාපාලගේ වීඩියෝ වලට ප්‍රසිද්ධියක් ලබා දීම“


මේ අතර ඔහුගේ මුහුණු පොත පරීක්ෂා කරන ඕනෑම අයෙකුට පෙනී යන කරුණු කිහිපයක් මෙම පින්තූරයෙන් දක්වමු.

කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ වීඩියෝ දර්ශන ඇතුළත් එක්තරා කෙටි චිත්‍රපටයක් වන “අංගම් ද මුවී“ චීනඩි සටන් කලාව අංගම්පොර ලෙස හුවා දක්වන අංගම් ශාස්ත්‍ර විරෝධී චිත්‍රපටය පිළිබදව වූ පීන්තූරයක් හා ලිපියක් අංගම්හොරුන්ගෙත් හොරා විසින් තම පිටුවේ බෙදාහැර තිබූ අතර තවත් වරෙක ඔහු සිදු කළේ එම වීඩියෝවම තම පිටුවේ ප්‍රසිද්ධ කිරීමය. මෙයින් නොනැවතුන මොහු තමන්ගේ කැමතිම චිත්‍රපට ගොන්නටද එම චිත්‍රපටය ඇතුළත් කර ගැනීමට අමතක නොකලේය. මේ අතර ඔහු තමන්ගේ හෙළුව තවතවත් ප්‍රදර්ශනය කරන්නට දෝ මුල්ල පැනිල්ල නම් චීනඩි ඉරියව්වව අංගම්පොර නමින් පෙන්වන කරුණාපාල හා ඔහුගේ සමකාලීන චීනඩි ගුරුවරයෙකුගේ පින්තූරයකට ප්‍රසිද්ධියක් ලබා දෙමින් එයට තම කැමැත්ත පල කොට තිබුණි. හතු පිපෙන්නාක් මෙන් අංගම්පොර යයි කියා ගන්නා ශිල්පීන් සිටින මේ රටේ කරුණාපාල නම් අංගම්පොර නමින් චීනඩි උගන්වන ගුරුවරයාට පමණක් මෙම විශේෂත්වය කුමක්දැයි සැකයක් ඉපදීම වැලැක්විය නොහැකි ය.


සාක්ෂි අංක 4 - “පරණ ගෝලයාගේ සාක්ෂිය“

“පොඩි කාලේ අපි අහපු ගුත්තිල- මූසිල කතාවේ චරිත ඕනෑතරම් ඉන්න අද සමාජයට මේ ගුරු- ගෝල සම්බන්ධය හොඳ ආදර්ශයක්. ගුරුවරයාගේ කීමට පිටින් යන්න හීනෙන්වත් හිතන්නේ නැති විශිෂ්ට ගෝලයෝ ලැබීමත් භාග්‍යයක්.“ ආදී වශයෙන් අප ගුරුතුමන්ගේ ගෝලයන් නිර්මාණය ගැන ප්‍රසංසා පළකරන මෙම අංගම්හොරුන්ගෙත් හොරා වරක් අප පැරණි අංගම්පොර ශිල්පියෙක් හා කරුණාපාල සමීපයේ ඉහත පින්තූරයේ සිටින චීනඩි ගුරුවරයා එකට ගත් පින්තූරයක් යොදා ගනිමින් (මෙයට පිළිතුර පහත දැක්වෙනු ඇත)  “මේ කවුද? මොනවද කරන්නේ?“ යනුවෙන් මඩ ප්‍රහාරයක් එල්ල කලේ ය.

මෙම පින්තූරය ගත් ස්ථානය හා සිදුවීම පිළිබව මෙසේ කෙටියෙක් පැහැදිලි කරමු. 2012 ඔයාමඩුව ප්‍රදේශයේ පැවති දැයට කිරුල ප්‍රසංගයේ දිනපතා පැවති අංගම්පොර සංදර්ශනය පැවැත්වීම දැයට කිරුළ පටන් ගත් දා සිටම කරගෙන පැමිණියාක් මෙන් මෙවරද හිමිවූයේ අප ගුරුතුමන්ටය. දිනක් අප අපගේ සවස 6.00 පැවති සංදර්ශනය කිරීමට කල්තබා ප්‍රදර්ශන භූමියට ගිය විට අංගම්පොර සංදර්ශනයක් මේ වන විට පැවැත්වෙන බව දැක ඒ දෙසට අප ගුරුතුමන් ඇතුළු අප කණ්ඩායම ගියේ ඒ පැවැත්වෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශයට එක්රොක් වී සිටින අංගම්පොර යයි කියා ගන්නා සිව්හෙළ ජාතික අංගම් සම්මේලනයේ සංදර්ශනය බව නොදැනම නොවේ. එහිදී ඔවුන් පෙන්වන චීනඩි හා මලයාලම් සෙල්ලම් දෙස සිනාසෙමින් බලා සිටි අප කණ්ඩායමට අංගම්පොර ශ්‍රී නාමයට සිදුවන හානිය ගැන දැඩි පිළිකුලක්ද සිත නොරැදුනා නොවේ. මේ අතර මහරගම ප්‍රදේශයේ සිටින අංගම්පොර යයි කියා ගන්නා ගුරුවරයෙකු නිල ශාස්ත්‍රය ගැන හැදින්වීමක් සිදු කොට සභාවේ ඕනෑම අයෙකුට පැමිණියහොත් නිල පෙන්විය හැකි බවට ප්‍රකාශ කරන ලදී. මහා මරු නිල ශාස්ත්‍රය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා ඔහුගේ ප්‍රකාශයෙන් එහි සිටි අප ගුරුතුමන්ට මේ සිදු වන හානිය බලා සිටිය නොහැකි නිසාම ඉදිරිපත් වීමට සිදුවිය. වේදිකාවේ පඩිපෙලින් උඩට නැගි අප ගුරුතුමන් ‘එහෙනම් නිල බලමුද?‘ යි ප්‍රශ්න කරමින් වේදිකාවට ගොඩ වූ අතර ඒත් සමගම අංගම්පොර යයි කියාගන්නා සෑම දෙනාම එතුමා වටා රොක් වෙමින් ‘පිස්සුද අජන්ත අපි ඔයාට එන්න කිව්වේ නැහැනේ‘ ආදී වශයෙන් කියමින් එතුමාව බදා ගනිමින් එය වැලැක්වූ අතර නිල බලන්නට කතා කල පුද්ගලයා පෙනෙන්නට වත් නොසිටියේය.

මෙම අවස්ථාවේදී කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ ගෝලයකු වන පියුමාල් නැමැත්තා තරමක් හොද වර්ගයේ කැමරාවක් අතේ තබාගෙන සිට පින්තූරය කිහිපයක් ගනු දුටු අප ගුරුතුමන් ‘පියුමාල් ඔය ෆොටෝ ඉන්ටනෙට්එකට එහෙම දාන්න එපා‘ යයි අවවාද කල අතර එසේ නොකරන බවටත් තමන් විසින් අප ගුරුතුමන්ට අන්තර්ජාලයේ මඩ නොගසන බවටත් තමන් තුසිත නම් කරුණාපාලගේ පුත්‍රයාගෙන් වෙන්වූ බවත් අප ගුරුතුමන්ට ප්‍රකාශ කරන ලදී.

ඉහත කරුණ කාරණ දන්නා අප විසින් ඉහත පින්තූරය දමමින් මඩ ප්‍රහාරයක් දියත් වනවාත් සමගම මෙහි දක්වා ඇති ඊමේල් ලිපි හුවමාරුව කරන ලදී. 


ඉහත පින්තූරයේ ඇති කරුණු තවදුරටත් පසක් කිරීම අවශ්‍ය නොවන නමුත් සාරාංශයක් ලෙස මෙසේ සඳහන් කළ යුතු ය. කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ පියුමාල් නම් පැරණි ගෝලයා විසින් ගන්නා ඔයා මඩුවේදී ගන්නා ලද පින්තූර තුනකින් එකක් කරුණාපාලගේ වත්මන් ගෝලයෙකුට යැවූ පින්තූරයක් තුසිත නම් කරුණාපාලගේ පුත්‍රයාට හිමි වී ඇති අතර එය භාවිතයෙන් මෙම මඩ ප්‍රහාරය දියත් කොට ඇත. ඒ අනුව ගිය අපට මෙම අංගම්හොරුන්ගෙත් හොරා සොයා ගැනීමට හැකි විය.

තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ පොල් කෙන්ද පෙන්වීම

ඉහත සාක්ෂි හතරක් මගින් අප ඉදිරිපත් කළ කරුණු සලකා බලන ඕනෑම අයෙකුට මෙම මඩ ප්‍රහාර දියත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවනු ඇත. කෙසේ වෙතත් කරුණාපාල යනු 1980 දශකයේ සිටම තුසිත ආත්මාරක්ෂක සංගමය නමින් චීනඩි පන්ති පැවැත්වූ ගුරුවරයෙකි. ඔහුගේ එකල චීනඩි අත් පත්‍රිකාව පහත දැක්වේ.

(මෙය ඉදිරිපත් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් මේ තාක් නොවූ අතර දැනට මොවුන් කරන අභූත චෝදනා හමුවේ මෙය ඉදිරිපත් කිරීමට කණගාටුවෙන් වුවද සිදුවූ බව මතක් කරමු. මෙයට අමතරව කරුණාපාලගේ චීනඩි පන්ති සම්බන්ධ 1984 සිට පළවු පුවත්පත් දැන්වීම්, පින්තූර, වීඩියෝ ආදී තොරතුරු අප සතු වන අතර එවා අවශ්‍ය වුවහොත් පසුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.)

කරුණාපාල යනු තමන්ගේ කර දඬු මහත් වූ දා පටන් සුප්‍රසිද්ධ චීනඩි ගුරුවරයෙකු වූ වෛරමුත්තුගේ ගෝලයන්ගෙන්, ජුලියස් පෙරේරා චීනඩි මාස්ටර් ඇතුළු මාදිවෙල කල්ලිස්, අග්ගෝන සිල්වා, ජේමිස් රාලහාමි වැනි එවක ප්‍රසිද්ධ චීනඩි ගුරුවරුන්ගෙන් චීනඩි ශිල්පය හදාරා තමන්ගේ ගම වන නාවල කොස්වත්ත ප්‍රදේශයේ ‘තුසිත ආත්මාරක්ෂක සංගමය‘ නමින් ප්‍රසිද්ධියේ චීනඩි ඉගැන්වූ ගුරුවරයෙකි. මෙම චීනඩි අත් පත්‍රිකාවේ තිබෙන පින්තූරම අංගම්පොර නමින් පසුකාලීනව මොවුන් භාවිතා කරන ලදී. මහා ලොකු පාරම්පරික අංගම්පොර ශිල්පියා වරක් මෙහි දක්වා ඇති සඳැල්ල අතිරේකයට පවසා සිටියේ “එතුමාගෙන් (චාලි ගුරුවරයා) මං කඩු හරඹය තවදු-රටත් ඉගෙන ගත්තා. ඒ දවස්වල ගාමිණී ෆොන්සේකා මහත්මයා ළඟ තිබුණු කඩු දෙකක් ඉල්ලගෙන ගියා කඩු හරඹය ඉගෙන ගන්න“ යනුවෙනි. ඉහත චීනඩි අත් පත්‍රිකාවේ සඳහන් පින්තූරයම යොදා ගනිමින් අංගම්පොර වූ පාරම්පරික අංගම් ශිල්පියාට ගෙදර කඩුවක් නැති නිසාවෙන් කඩුවක් ඉල්ලා ගැනීමට ගාමිනී ෆොන්සේකා සොයා යා යුතු විය. කෙසේ වෙතත් ගාමිණී ෆොන්සේකා යනු සුප්‍රසිද්ධ චීනඩි ශිල්පියෙකි. එවන් චෞරයෙකු අද සන්නස් ගත, පරම්පරාගත, සාහිත්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මතින් සටන් පරම්පරා ඉතිහාසය පෙන්විය හැකි අප ගුරුතුමන්ට හා එතුමන්ගේ කොරතොට ආරච්චි පරම්පරාවට මඩ ගැසීම දෙකොනෙන් හිනා යන විහිළුවකි. අප කොරතොට ආරච්චි පරම්පරාව සම්බන්ධ සාක්ෂි එකතුවක් මෙතනින් ලබා ගත හැකිය. 

අවසාන වශයෙන් තුසිත නම් චීනඩි ශිල්පියාට කිව යුතතේ ඔහු යොදාගෙන සිටින අංගම්හොරුන්ගෙත් හොරු යන්න නිවැරදි බවයි. තම පියා අංගම් හොරෙකු වන විට පුතා අංගම්හොරාගෙත් හොරා වීම උපතින්ම ලද උරුමයකි. එම නිසාවෙන්ම නමට ගැලපෙන ලෙස වැඩ කිරීම හා රස්තියාදුකාර සටන් කලාවක අරුමය ලොවට පෙන්වීම ගැන අප ඔහුට ස්තූති වන්ත විය යුතුය. කෙසේ වෙතත් කිව යුත්තේ මෙයයි. හැංගි හැංගී එක් එක් චෝදනා සිදු කිරීමෙන් අපගේ ගමන වැලැක්විය නොහැකිය.  මන්ද ඔවුන් කරන මූලිකවම චෝදනා කරන ආකාරයට අප ගුරුතුමන් කරාතේ කාරයා නම් ඔබට 2011 අගෝස්තු 25 වන දින අප ගුරුතුමන් ලංකාවේම සිටින අංගම්පොර යයි කියා ගන්නා අයට අභියෝග කළ විට පැමිණෙන්නට තිබිණ. දුරකථනය වැඩ කලේ නෑ වැනි මෝඩ තර්ක ඉදිරිපත් කොට අද එයින් බේරීමට උත්සාහ කළද ඊළග සතියේ එම පුවත්පත්වලම අභියෝගයට කවුරුත් නොපැමිණි බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක පැමිණෙන ලෙසත් අභියෝගය දීර්ඝ කරන ලද බව ඔබට අමතක නොමැතිවා යයි සිතමු. එම නිසා කරාතේකාරයාත් සමඟ සටන් කොට විනාඩි කිහිපයකදී මෙම ගැටුම අවසන් කිරීමට කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ පුත්‍ර තුසිතට අපි අභියෝග කරමු. 

මේ අතර මොහුගේ මුහුණු පොතෙන් අපට කරනු ලබන චෝදනාවලට පිළිතුරු එකින් එක මෙම ලිපියේ ඉදිරිපත් වනු ඇත.

  1. අජන්ත මහන්තාරච්චි මහතා හින්දු දේව රුවක් වන නඩරාජාට සමාන ඉරියව්වක් නිරූපණය කරමින්

(ඉදිරියේදී තවත් ලිපි බලාපොරොත්තු වන්න)



No comments:

Post a Comment