අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

අජන්ත මහන්තාරච්චි මහතා හින්දු දේව රුවක් වන නඩරාජාට සමාන ඉරියව්වක් නිරූපණය කරමින්

අප ගුරුතුමන් විසින් අප අංගම්මඩුව තුළදී එතුණු කඩු හරඹයක අවස්ථාවක පින්තූරයක් යොදා ගනිමින් මෙම චොදනාව එල්ල කරන අංගම්හොරුන්ගෙත් හොරු පවත්වාගෙන යන තුසිතට පිළිතුර දීමට සිතන විටද මුවට හාස්‍යජනක හසරැල්ලක් පැමිණෙනවා කිවහොත් නැවැරදිය. 

  • අංගම්පොර නමින් පෙනී සිටියද අංගම් ශාස්ත්‍රය තබා මේ රටේ ඉතිහාසයවත් නොදන්නා මෙම අඳබාලයන් ශිව යනු කවරෙක්දැයි නොදැන සිටීම හාස්‍ය ජනකය. අති උතුම් රාවණා රණවිරුවන්ගේ මී මුත්තක් වන ශිව නම් ඍෂි වරයා මේ රටේ උපන් අයෙකු වන අතර අදටත් ශිව ඇදහීම නිවැරදි අංගම් ශිල්පීන් සිදු කරයි. මේ අතර ඉන්දියාවේද ශිව ඇදහීම තිබේ. ඉන්දියාවේ ශිව ඇදහූ පමණින් ශිව ඉන්දියාවේ වන්නේ නැත. සුප්‍රසිද්ධ ශිව තාණ්ඩව ස්තෝත්‍රය අවසානයේ රාවණා ගැන කියවේ. මෙතනින් ලබා ගත හැකි මෙම ස්තෝත්‍රයේ අවසානයේ “ඉති ශ්‍රී රාවණ කෘතම් ශිව තාන්ඩව ස්තෝත්‍රම් සම්පූර්ණම්“ (ශ්‍රී රාවණ විසින් කරන ලද ශිව තාන්ඩව ස්තෝත්‍රය අවසානයි) යනුවන් ගායනා කෙරේ. මෙයට අමතරව ශිව යනු ලාංකික යක්ෂ ගෝත්‍රික ඍෂි වරයෙකි යන්නට අප සතුව ඕනෑතරම් සාක්ෂි ඇති නමුත් මෙහිදී මින් එහා එයට සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
  • එසේ වූ ශිවගේ ඉරියව්වක් අංගම් ශාස්ත්‍රයේ තිබීම අසාමාන්‍ය නොවේ. මේ අතර කිව යුතු තවත් දෙයක් වන්නේ ශිවගේ ඉරියව්වක් දැක්වූ පමණින් අජන්ත මහන්තාරච්චි ශිව වන්නේ වත් ශිව අජන්ත මහන්තාරච්චි වන්නේ වත් නොමැති බවයි.
  • මේ අතර පැහැදිලි කළ යුතු වන තවත් කරුණක් වන්නේ ද්‍රවිඩ අය අත් දෙක එක් කොට ‘වනක්කම්‘ කියන ආකාරයටම සිංහල අපිද ‘ආයුබෝවන්‘ කියමු. එසේ වූ පමණින් සිංහලයා දෙමලෙකු වන්නේ නැත. ඉන්දියාවේ මාරිමුත්තු අම්මා යනුවෙන් පත්තිනි මෑණියන් අදහන අතර ලංකාවේ සිංහලයා පත්තිනි මෑණියන් සම්බන්ධ කිරි මව්වරුන්ගේ පූජාවක් කළ පමණින් ඉන්දියානුවෙක් වන්නේ නැත. 
  • එක්කෝ "හින්දු" දෙවියකු වන ශිව අංගම්පොර දැනගෙන සිටිය යුතුය. එනම් අබෞද්ධයන් ද මෙම සටන් කලාව දැනගෙන සිටිය යුතුය.“ යන චෝදනාවට කිව යුත්තේ සරළ කතාවකි. ශිව හින්දු ආගමේදී ඇදහුවද යක්ෂ ගෝත්‍රිකයෙක් වන අතර ඔහු අංගම්පොර දැනගෙන සිටියේ ය.  යක්ෂ ගෝත්‍රියන් බෞද්ධයන් වූයේ රාවණ යුගයේදීය. ඉන් එහා සිටි යක්ෂ ගෝත්‍රිකයන් බෞද්ධයන් යයි අපට සාක්ෂි හමු නොවේ. එම නිසාවෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයේදී අබෞද්ධ යක්ෂ ගෝත්‍රිකයන් අංගම් ශාස්ත්‍රය දැන සිටියේය.
  • “එක්කෝ අජන්ත දන්නා අංගම්පොරක් නැත. ඔහු පෙන්වන්නේත් හින්දු සටන් කලාවන්ගෙන් අහුලාගත් ඉරියව් කීපයක් විය යුතුය.“ යන්නට පිළිතුර මේ වන විටත් ලැබී ඇති නිසා අමුතුවෙන් යමක් කිව යුතු නොවේ. නමුත් අජන්ත නොදන්නා අංගම්පොර පෙන්වීමට විවෘත්ත අභියෝගයක් අදටත් ඇත. තුසිත මහත්තයා ඊයේ පෙරේදා කොට ගලිසම ගලවා අපෙන් පිටපත් කොට ඇඳගත් සරමත් ඇඳගෙන පිරිමියෙකු මෙන් පැමිණියහොත් අජන්තා දන්නා අංගම්පොරවල රසය ලුණු ඇඹුල් ඇතිව පෙන්විය හැකි ය.
  • අවසාන වශයෙන් ප්‍රශ්න කළ යුත්තේ පහත පින්තූරයේ දැක්වෙන නැට්ටුවාද හින්දු නැටුමක් පෙන්වන්නේද යන්නයි.


No comments:

Post a Comment