අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

මේ කව්ද? මොනවද කරන්නේ?

මේ කවුද මොනවද කරන්නේ යනුවෙන් සඳහන් කරමින් අප සම්ප්‍රදාය සම්බන්ධව මෙම වීඩියෝවේ සිටින එක් වෘධතර සටන් ශිල්පියෙකු හා කරුණාපාල සමඟ කාලයක් අංගම්පොර නමින් චීනඩි උගන්වන සන්ධානයේ සාමාජිකයෙකු ලෙස සිටි පුද්ගලයෙකු එකට සිටින පින්තූරයක් යොදා ගනිමින් අප සම්ප්‍රදායට චෝදනා එල්ල කරන තුසිත නම් චීනඩි ශිල්පියාට පිළිතුරු මෙයි සැපයේ.

මෙම පින්තූරය ගනු ලැබූ පසුබිම මෙසේ ය. 2012 ඔයාමඩුව ප්‍රදේශයේ පැවති දැයට කිරුල ප්‍රසංගයේ දිනපතා පැවති අංගම්පොර සංදර්ශනය පැවැත්වීම දැයට කිරුළ පටන් ගත් දා සිටම කරගෙන පැමිණියාක් මෙන් මෙවරද හිමිවූයේ අප ගුරුතුමන්ටය. දිනක් අප අපගේ සවස 6.00 පැවති සංදර්ශනය කිරීමට කල්තබා ප්‍රදර්ශන භූමියට ගිය විට අංගම්පොර සංදර්ශනයක් මේ වන විට පැවැත්වෙන බව දැක ඒ දෙසට අප ගුරුතුමන් ඇතුළු අප කණ්ඩායම ගියේ ඒ පැවැත්වෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශයට එක්රොක් වී සිටින අංගම්පොර යයි කියා ගන්නා සිව්හෙළ ජාතික අංගම් සම්මේලනයේ සංදර්ශනය බව නොදැනම නොවේ. එහිදී ඔවුන් පෙන්වන චීනඩි හා මලයාලම් සෙල්ලම් දෙස සිනාසෙමින් බලා සිටි අප කණ්ඩායමට අංගම්පොර ශ්‍රී නාමයට සිදුවන හානිය ගැන දැඩි පිළිකුලක්ද සිත නොරැදුනා නොවේ. මේ අතර මහරගම ප්‍රදේශයේ සිටින අංගම්පොර යයි කියා ගන්නා ගුරුවරයෙකු නිල ශාස්ත්‍රය ගැන හැදින්වීමක් සිදු කොට සභාවේ ඕනෑම අයෙකුට පැමිණියහොත් නිල පෙන්විය හැකි බවට ප්‍රකාශ කරන ලදී. මහා මරු නිල ශාස්ත්‍රය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා ඔහුගේ ප්‍රකාශයෙන් එහි සිටි අප ගුරුතුමන්ට මේ සිදු වන හානිය බලා සිටිය නොහැකි නිසාම ඉදිරිපත් වීමට සිදුවිය. වේදිකාවේ පඩිපෙලින් උඩට නැගි අප ගුරුතුමන් ‘එහෙනම් නිල බලමුද?‘ යි ප්‍රශ්න කරමින් වේදිකාවට ගොඩ වූ අතර ඒත් සමගම අංගම්පොර යයි කියාගන්නා සෑම දෙනාම එතුමා වටා රොක් වෙමින් ‘පිස්සුද අජන්ත අපි ඔයාට එන්න කිව්වේ නැහැනේ‘ ආදී වශයෙන් කියමින් එතුමාව බදා ගනිමින් එය වැලැක්වූ අතර නිල බලන්නට කතා කල පුද්ගලයා පෙනෙන්නට වත් නොසිටියේය. 

මෙම අවස්ථාවේදී කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ ගෝලයකු වන පියුමාල් නැමැත්තා තරමක් හොද වර්ගයේ කැමරාවක් අතේ තබාගෙන සිට පින්තූරය කිහිපයක් ගනු දුටු අප ගුරුතුමන් ‘පියුමාල් ඔය ෆොටෝ ඉන්ටනෙට්එකට එහෙම දාන්න එපා‘ යයි අවවාද කල අතර එසේ නොකරන බවටත් තමන් විසින් අප ගුරුතුමන්ට අන්තර්ජාලයේ මඩ නොගසන බවටත් තමන් තුසිත නම් කරුණාපාලගේ පුත්‍රයාගෙන් වෙන්වූ බවත් අප ගුරුතුමන්ට ප්‍රකාශ කරන ලදී.

ඉහත කරුණ කාරණ දන්නා අප විසින් ඉහත පින්තූරය දමමින් මඩ ප්‍රහාරයක් දියත් වනවාත් සමගම මෙහි දක්වා ඇති ඊමේල් ලිපි හුවමාරුව කරන ලදී. එහිදී මෙම චෝදනා කරනු ලබන්නේ තුසිත නම් කරුණාපාලගේ පුත්‍රයා බවත් තමන් එයට සමබන්ධ නොමැති බවත් එම පිංතූරය තමා විසින් ඔවුන්ට යැවූ බවත් පියුමාල් ප්‍රකාශ කරන ලදී. ඒය කෙසේ වුවද කරනු ලබන චෝදනාවලට පිළිතුරු දිය යුතු ය. 

  •  අංගම්හොරු බ්ලොගය හැංගිමුත්තන් කරමින් කුමක් කීවද අජන්ත මහන්තාරච්චි ප්‍රමුඛ අප ඇඟේ මැඬිල්ල රණපිල කලායතනයේ සියලුම දෙනා කරුණාපාල සහ ඔහු සම්බන්ධ සෑම අයවලුන්ම චීනඩි ශිල්පීන් බවත්, ඔවුන් අංගම් ශාස්ත්‍රයේ නම භාවිතා කරමින් පර සුද්දන්ට පවා අංගම්පොර නමින් චීනඩි උගන්වන බවත් ඍජුවම ප්‍රකාශ කරමු.
  • අංගම්හොරු හා අප අතර සම්බන්ධයක් ඇතැයි කරනු ලබන චෝදනා ඍජුවම ප්‍රතික්ෂේප කරන අතර හැකි නම් එය එසේ යයි සාක්ෂි සහිතව (හුදු අමනෝඥ ප්‍රකාශවලින් නොවේ) ඔප්පු කරන ලෙස අභියෝග කරමු. 
  • මිනිසුන් වන අප ශාස්ත්‍රානුකූලව ගැටුම් ඇති අය පවා හමුවූ විට පැන ගහ මරා ගැනීමට යන්නේ නැත. කෙනෙක් සිනාසී කතා කළ විට සතුරාට වුවද සිනාසී කතා කිරීමට සිංහලකමයි. මේ නිසාවෙන්ම දෙදෙනෙකු එකට කතා කළ පමණින් ඒ දෙදෙනා එකම ශාස්ත්‍රයක් හදාරන්නෝ යයි සිතීම වැස්සකටවත් පාසල් නොගිය මුග්ධයෙක් කියන කතාවකි.
  • වැරදි පුද්ගලයෙකු සමඟ නිවැරදි පුද්ගලයෙකු සිනාසී කතා කළ පමණින් නිවැරදි පුද්ගලයා වැරදි පුද්ගලයෙකු වන්නේ නම් ප්‍රභාකරන් හා සාම සාකච්ඡා කළ අප රටේ සියලුම නායකයින් කොටි සාමාජිකයන් විය යුතු ය.

No comments:

Post a Comment