අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

අජන්ත පෙරේරා, අජන්ත මහන්තාරච්චි ලෙස නම මාරු කිරීම යන චෝදනාව

මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා නම් වන අප ගුරුතුමන් “අජන්ත මහන්තාරච්චි“ නම් මාරු කොට ඇති බව ඇතැම් අය චෝදනා කරනු මේ දිනවල අන්තර්ජාලයේ දක්නට ලැබේ. මේ අතර පෙරේරා නම් කොටස අද වන තුරු පවත්වාගෙන එන්නේ කුමක් සඳහාද යන්නයි. පෙරේරා නම් වන පෘතුගීසි නාමය පිළිබඳ 2010-08-08 වන දින සිළුමිණ පුවත් පතේ සියලු ශාස්ත්‍රවල එකතුවක් වූ අංගම්පොර සටන් කලාව මැයෙන් අප ගුරුතුමන්ගේ ලිපිය තුළින් එතුමන් මෙසේ පැහැදිලි කොට ඇත.



”කොරතොට පන්සල ආසන්නයේ තිබුණු තැනිතලා භූමියක අංගම් මඩු තුනක් පිහිටලා තිබුණා. කඩුවෙල රක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව කියන ප්‍රදේශවලින් තමයි බොහෝම හැඩිදැඩි තරුණයෝ ගෙන්වලා අංගම් පුහුණුව උගන්වලා තියෙන්නේ. ඉතිහාසයේ ලියැවුණ එක්තරා සිදුවීමක් මම කියන්නම්. පෘතුගීසි හමුදාවට එක්වුණ සිංහලයිනුත් එදා අපේ රටට විරුද්ධව සටන් කරලා තියෙනවා. ඒ අය ඇවිත් තියෙන්නේ අලි ඇතුන් පිටේ. ඒත් අපට ඒ ඇත් හමුදාවට විරුද්ධව සටන් කරන්න උගන්නපු මුල්ලේගම කියලා රණශූරයෙක් ඉඳලා තියෙනවා. ඔහුගේ සටන් ක්‍රමය තමයි එක් කෙනෙක් දුවලා ගිහින් අලියා ඉස්සරහ දණින් පාත් වුණාම පස්සේ දුවගෙන එන කෙනා පහත්වුණ කෙනාගේ පිටට නැගලා අලියාගේ කුම්බස්තලයට වැලමිටෙන් පහර දෙනවා. ඔය පහර කාපු ගමන්, ඇතා මැරිලමයි වැටෙන්නේ. ඉතිං මේ වගේ රණශූරයන් නිසා මුල්ලේරියා සටන පෘතුගිසින්ගෙන් පරද්දලා අපි ජය ගත්තා.

මෙතනදි සතුටට පත්වුණ සීතාවක රාජසිංහ රජතුමා යුද්ධයට සම්බන්ධ වුණ පිරිසට නොයෙක් ගම්වර, තාන්න මාන්න ලබාදීලා තියෙනවා. ඒත් රාජසිංහ රජතුමාගේ මරණින් පස්සේ පෘතුගීසීන් අපේ පරම්පරාවල අයට නොයෙකුත් අඩම්තේට්ටම්, කරදර කරලා තියෙනවා. ඒකට උපක්‍රමයක් විදිහට ඔවුන්ට පක්‍ෂපාත බවක් පෙන්වන්න අපේ මුතුම්මිත්තෝ පෙරේරා කියන පෘතුගිසි නම අපේ නමට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කරලා තියෙන්නේ අපේ සටන් ශිල්පය ආරක්‍ෂා කරගන්න ඕන නිසයි.”

මෙම පෘතුගීසි නාමය තවදුරටත් පවත්වාගෙන යන්නේ කුමන හේතුවක් නිසාදැයි අසන ප්‍රශ්නයට කිව යුතතේ මෑත කාලීනම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්ය පටිපාටි නීතියේ වෙනස්කම් සිදු වන තුරුම එනම් අනූව දශකයේ මුල් භාගය වන තුරුම දරුවාගේ පෙළපත් නාමය වෙනමම සඳහන් කළ නොහැකි අතර පියාගේ හො මවගේ (මව්පියන් අවිවාහක වූ විට) පෙළපත් නාමය ගත යුතු ය.  එය පහත සඳහන් මහගම සේකරයන්ගේ උප්පැන්න සහතිකයෙන් අවබෝධ කොට ගත හැකිය. (mahagamasekera.blogspot.com වෙතින් උපුටාගැනීමකි.)




එතුමාගේ නම මෙහි යොදා ඇත්තේ සේකර යනුවෙන් පමණි. එතුමාගේ පෙළපත් නාම (මුල හා අග ඇති)  නම් පියාගේ නමින් ගත යුතු ය. එය මීට වරස 15කට පමණ පෙර පැවති උප්පැන්න ලියාපදිංචි කිරීමේ කාර්ය පටිපටාටියයි. නමුත් අද නම් උප්පැන්නයකට දරුවාට නම දෙන විට දරුවාගේ සම්පූර්ණ නම එකම කොටුවක ලිවිය යුතු ය. ඒ නිසාම පියාගේ පෙලපත් නාමයට අදාල නොවන ඕනෑම පෙලපත් නාමයක් දරුවාට යෙදිය හැකි ය. මෙම නීතිමය බාදාව එදා සිට අද දක්වාම පැවති නීතිමය තත්ත්වයකි. කෙසේ වෙතත් “පෘතුගීසින් ලංකාව හැර යන්නේ 1650 ගණන් වලදි...ඔය පෙරෙරා කෑල්ල අයින් කරගන්න ඔච්චර කල් ගියෙ මොකෝ....2006 පස්සෙනේ ඔක අයින් කලේ“ යන චෝදනාවට පිළිතුරක් ඉහත තොරතුරු වලින් ලැබී ඇති නිසා අවසාන වශයෙන් පැහැදිලි කළ යුත්ත කිව යුතු ය. අප ගුරුතුමන් අදටත් මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා ය. නම් වෙනස් කොට නැත. වෙනස් කරන්නේ ද නැත. එසේ කරන්නේ නම් ඔබලා හරිම කැමති බවද අපි දනිමු මන්ද එදාට අන්න අජන්ත පෘතුගීසි ජාන වහ ගන්න නම වෙනස් කලා කියා උඩ පනිනු ඇත. මහන්තාරච්චිගේ අජන්තට, අජන්ත මහන්තාරච්චි යයි අප හදුන්වන විට ඇතැම් මුග්ධයින් සිතා සිටින්නේ නම වෙනස් කරලා කියා ය. කිව යුත්තේ තොපිලා දන්න තරම තමයි කියා ය.

.

No comments:

Post a Comment