අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...


අතීතයේ සිටම අපේ කම, අපේ රට, දැට, සමය පාවා දුන් පාහරයින් මේ සමාජයට බිහිවිය. එය අදටද එසේම ය. හෙටත් එසේ නොවේ යැයි සිතිය නොහැකි ය. අපේ කමට මුවාවී එය වනසන උදවියට එයට එරෙහි වන අය නිහඬ නොකළහොත් ඔවුන්ගේ කාරිය නිදහසේ කරගෙන යා නොහැකි ය. එනිසා ඔවුන් මොනයම් හෝ උපක්‍රම යොදමින් සැබෑ දේශප්‍රෙමීන් විනාශ කිරීමට මාන බලති. කිහිප විටකම අප සටන් පරපුරට එවන් මඩ ප්‍රහාර එල්ල විය. නිර්නාමික ඇමතුම්වල සීමාවක් නොවී ය. මේවා සැබෑ සටන් ශිල්ප උගත් අපටනම් කිසිසේත් අදාල නැත. නමුත් මේවා කොන්ද පන නැති තුච්ච වැඩ ය. තම තමන්ගේ අංගං ව්‍යාපාරවලට පහර වදින විට එසේ වීම පුදුමයට කරුණක් ද නොවේ.

සිළුමිණ පුවත් පතේ පළවූ ලිපි දෙකක් ගෙනහැර දක්වමින් අපට අන්තර්ජාලය හරහා මඩ ගැසීමට අඳුරේ සිටින ආරක්ෂකයෙක් යයි කියාගන්නා පුද්ගලයෙකු උත්සාහ කරයි. එසේම හොරු හොරු යයි පුන පුනා කියන අංගංහොරු යන්නෙක්ද අපට පදනම් විරහිත චෝදනා එල්ල කරයි. ඔහුට අප විසින් අපේ නිවැරදිතාව ගැන කියා යවන ලද කොමෙන්ට් පවා පළ කරන්නේ නැත. එසේම පසුගිය දිනක ප්‍රතිචාර ශිර්ෂයෙන් පුවත්පතක පලවූ කෙටි වැකියක් උපුටා ගෙන අපට චෝදනා එල්ල කිරීමද අයත් වන්නේ කෂේරුකාවක් නැති උන්ගේ වැඩ ගොන්නට ය. එය පළවී තිබුණේ වැරදි නිවැරදි කිරීමක් ලෙස නොවේ. පුතිචාර ලෙසට ය. ඕනෑම කෙ‍නකුට ඕනෑම පුතිචාරයක් දැකිවිය හැකි ය. පුවත්පතකට ද ඕනෑම පුතිචාරයක් පළකළ හැකි ය. නමුත් එය සත්‍යම විය යුතු යයි සිතීම මෝඩ කමකි. පුතිචාර යන වචනයවත් තේරුම් නොගැනීම සිංහල නොදන්න කම නිසා සිදුවූ දෙයකි. මෙයට අමතරව අද දින කරාටේ මඩක් ද පටන් ගෙන ඇත. මෙයද පසුගිය කලෙක ග්‍රේෂන් නැමැත්තා විසින් යූ ටියුබ් හි පළකොට තිබූ මඩ වීඩියෝවට සමානය. කිවයුත්තේ මෙයයි. අපේ ශිල්පීය විඩියෝ හා පින්තූර වෙබ් අඩවි වල ඕනෑතරම් ඇත. ඒවා තුළ කරාටේ ශිල්පයේ කොටස් තිබේ නම් පැහැදිලිව පෙන්වන ලෙස අභියෝග කරමු. මේ සියල්ලටම පැහැදිලි පිළිතුරු ලබා දීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.

දැනට පැවසිය යුත්තේ මෙයයි. ඔබලා සැබෑ පිරිමි නම් අපේ අංගං මඩුවට පැ‍මිණෙන්න. එවිට ඔබලාට ගැටළුවක් වූ නියම පාරම්පරික උතුම් වූ සැබෑ අංගං සටනේ රසයද දැන කියා ගත හැකි වනු ඇත. සුද්දන්ට ශිල්පයේ නම් විකුනමින් රට පුරා තාප්ප ගානේ පොස්ටර් ගසමින් ගාමන්ට් ගානේ ගොස් පන්ති පවත්වමින් කලින් කලට නිල ඇඳුම් වෙනස් කරමින් බේගල් ඇද බාමින් ඔබලා පවත්වාගෙන යන අංගං කඩය ගැනත් ඔය ලෙසටම ප්‍රචාරය කළ හැකි නම් නොවටින්නේ ද?

No comments:

Post a Comment